spot_img
spot_imgspot_img

දුම්රිය ආසන වෙන්කිරීමේ වෙනසක්

පුවත්

විදෙස්

දුම්රිය ආසන වෙන්කිරීම මුළුමනින් ම අන්තර්ජාලයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණනය කර තිබේ.

එම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ  ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී හෙට (14) පස්වරු 6.30 ට පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම්දීමට නියමිතය.

දුම්රිය බලපත්‍ර සහ ආසන වෙන්කරගැනීමට අන්තර්ජාලය හරහා ලබාදීම  http://seatreservation.railway.gov.lk/mtktwebslr/  සබැඳිය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවත් බලපත්‍රයේ අවශ්‍ය තොරතුරු පද්ධතියට ඇතුළු කිරීමෙන් පසුව එම තොරතුරුවලට ගැලපෙන පරිදි තම ආසනය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමට බලපත්‍ර ලාභීන්ට හැකි අතර ඒ අනුව ප්‍රවේශපත් වෙන්කරවාගැනීමේදී පෝලීම්වල නොසිට    තමන් සිටින ස්ථානයේ සිට බලපත්‍ර හරහා රාජ්‍ය සේවකයන්ට ආසන වෙන් කරවා ගැනීමට මේ හරහා අවස්ථාව හිමිවේ.

එකී ආසන වෙන්කිරීම කර දින 7 ක් ඇතුළත හෝ දුම්රිය ගමනට පැය 48 කට පෙර හෝ යන දෙකේ පළමුව එළැඹෙන අවස්ථාවට පෙර   බලපත්‍ර හිමියා තම බලපත්‍රය ආසන වෙන්කිරීමේ පහසුකම  ඇති දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.

ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ලබාගනු ලබන ප්‍රවේශ පත්‍රයක් තවදුරටත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන අතර මගියා විසින් මුද්‍රණය කරගත් ප්‍රවේශ පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් ප්‍රමාණවත් වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!