spot_img
spot_imgspot_img

මහාධිකරණය වෙනුවට SPA ගිය පොලිස් සැරයන්

පුවත්

විදෙස්

පොලිස් නිලධාරියකුට හිමි අංක 01 නිල ඇඳුමින් සැරසී සිය රාජකාරෙී සඳහා මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය දොම්පේ පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු යක්කල පොලිස්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය පවසන්නේ එම නිලධාරියාගේ නිල ඇඳුම පොලිස් බාරයට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මුදාහැරි බවයි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා  යොමු කිරීමට කටයුතු කර ඇත.

සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා  පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව  නිලධාරීන් කණ්ඩායමක්  එම ස්ථානය වෙත යවා එහි රැඳී  සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!