spot_img
spot_imgspot_img

MH370 අතුරුදන්වී වසර 10යි, සෙවීම් නැවත අරඹන බව මැලේසියාව කියයි

පුවත්

විදෙස්

වසර දහයකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය නැවත සෙවීමට අදහස් කර සිටින බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ලොව විශාලතම ගුවන් අභිරහස්වලින් එකක් වන MH370 යානය අතුරුදහන් වීමේ 10 වන සංවත්සරය අද (08) දිනට යෙදී තිබේ. මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලය 12ක් රැගත් බෝයිං 777 වර්ගයේ MH370 ගුවන් යානය 2014 මාර්තු 8 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් විය.

මැලේසියානු විමර්ශකයින් මුලින් යානය හිතාමතාම මාර්ගයෙන් ඉවතට ගෙන යාමේ හැකියාව බැහැර කළේ නැත. ගුවන් යානයේ යැයි විශ්වාස කෙරෙන සුන්බුන් කිහිපයක් අප්‍රිකාවේ වෙරළ තීරයේ සහ ඉන්දියන් සාගරයේ දූපත් වලට ගසාගෙන ගොස් තිබී හමුවිය.

මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ලොකේ පැවසුවේ මීට පෙර අසාර්ථක උත්සාහයන් දෙකකින් පසු එහි නවතම සෙවීම් යෝජනාව සාකච්ඡා කිරීමට එක්සත් ජනපද මුහුදු පත්ල ගවේෂණ සමාගමක් වන Ocean Infinity ආරාධනා කළ බවයි.

“මැලේසියානු රජය (MH370 සඳහා) සෙවීමට කැපවී සිටින අතර සෙවීම් දිගටම කරගෙන යා යුතුය,” ලොකේ ඉරිදා (03) පැවති අනුස්මරණ උත්සවයකදී පැවසීය.

මැලේසියාව 2018 දී දකුණු ඉන්දියන් සාගරයේ, යානාව සෙවීම සඳහා Ocean Infinity සම්බන්ධ කර ගත් අතර, යානය සොයා ගන්නේ නම් ඩොලර් මිලියන 70 ක් දක්වා ගෙවීමට ඉදිරිපත් විය.

මැලේසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව මීට පෙර 2017 ජනවාරි මාසයේ සිට වසර දෙක්, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 200 (ඩොලර් මිලියන 130.46) වැය කරමින් දිය යට සෙවීම් සිදුකළ නමුත් ඒම උත්සාහයන් නිශ්ඵල විය.

Ocean Infinity හි යෝජනාව මැලේසියාවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පසු සෙවීම් නැවත ආරම්භ කිරීමේ සහයෝගීතාව පිළිබඳව මැලේසියාව ඕස්ට්‍රේලියාව සමඟ කතා කරන බව Loke පැවසීය.

“අපට සෙවුම දිගටම කරගෙන යාමට අවශ්‍ය නමුත් අපි ද යථාර්ථවාදී විය යුතුය. රජය බිලියන ගණනක් (සෙවීම් සඳහා) වියදම් කරනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැක,” අතුරුදන් වූ කාන්තාවකයේ සැමියා වන නේතන් පැවසීය. MH370 යානයේ මගියෙකු වූ චීන ජාතික ජියැන්ග් හුයි, මැලේසියාවට ලැබෙන නවතම තොරතුරු ඥාතීන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ගුවන් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා චීනයේ නඩුවක් ගොනු කළ පවුලේ සාමාජිකයන් අතර සිටින ජියැන්ග් පැවසුවේ සන්නිවේදනය පවතින තාක් කල්, වරදවා වටහාගැනීම් වළක්වා ගත හැකි බවයි.

බීජිං උසාවියක් පසුගිය නොවැම්බර් මාසයේදී වන්දි නඩු විභාගය ආරම්භ කළේය. චීන මගීන් 150 කට වැඩි පිරිසක් ගුවන් යානයේ සිටි අතර, ඥාතීන් මැලේසියා එයාර්ලයින්ස්, බෝයිං, ගුවන් යානා එන්ජින් නිෂ්පාදක රෝල්ස් රොයිස් සහ අලියාන්ස් රක්ෂණ සමූහයෙන් වන්දි ඉල්ලා සිටියහ.

https://www.reuters.com/world/asia-pacific/malaysia-says-mh370-search-must-go-10-years-after-plane-vanished-2024-03-03/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!