spot_img
spot_imgspot_img

පාසල් සිසුන්ට, ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්. 2024 සාමාන්‍ය පෙළ 2025 දී ?

පුවත්

විදෙස්

පාසල් අධ්‍යයන කටයුතු 2024 වර්ෂයේ සඳහා ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට ප්කර තිබේ.

පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24  වනදා සිට මැයි මස 03වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

දෙවන පාසල් වාරය ජුනි මස 03 වනදා සිට අගෝස්තු මස 16 වනදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතය.

2024 වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස 26 වනදා සිට නොවැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ කිරීමට නියමිතය. 2024 තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ජනවාරි මස 17 වනදා බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

මෙම දින නියමයන් අනුව පැහහැදිලි වන්නේ 2024 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2025 වර්ෂය දක්වා කල් යන බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!