spot_img

පොලිසියට වෙට්ටු දැමූ ‌හිටපු සෙබළියන් දෙදෙනා අත්අඩංගුවට

පුවත්

විදෙස්

මත්පැන් පානය කර යතුරුපැදියකින් යද්දී එය නතර කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කර පළා ගියා හිටපු යුද හමුදා සෙබළියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබළියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදාවේ සෙබළියක ලෙස කටයුතු කර සේවය හැර දමා ගොස් සිටින 21 හැවිරිදි තැනැත්තියකි.

මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ  සේවය කළ අය බව අනාවරණය වී තිබේ.

පානදුර රත්නපුර මාර්ගයේ ඉලිබ හන්දියේ රාත්‍රී 10.30ට පමණ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් ඔවුන් දෙදෙනා නතර කර තිබේ. ඔවුන් ඉංගිරිය දෙස සිට ස්කූටරයකින් පැමිණ ඇත.

එම සංඥාවලට අවනත නොවූ ඔවුන් පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට හරවා පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාද මීටර් 300ක පමණ දුරක් එම යතුරුපැදිය හඹා ගොස්  සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරු පැදියේ  යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles