spot_img
spot_imgspot_img

කුරුණෑගල රෝහලේ වකගුඩු රෝගීන්ගේ මරණයට හේතුව රසායනිකයක් ?

පුවත්

විදෙස්

කුරුණෑල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා වූ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලැබී රෝගීන් කිහප දෙනකු මියයාමට හේතුව එහි ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක් විය හැකියැයි වෛද්‍යවරු සැක පළකරති.

ආසන්න දිනවල දී ප්‍රතිකාර ලැබූ රෝගීන් 05 දෙනකු මරණයට පත්වීම සැළකිල්ලට ගනිමින් පසුගිය 23 වැනි දා එම ඒකකය තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පියවර ගෙන ඇත.

රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රියාවලියේදී සිරුරේ රුධිර පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීමෙන් පසු ඇතිව සංකූලතා තත්ත්වයක් මත ඔවුන් එම රෝගීන් මියගොස් ඇති බවට සැකකරන අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව පවසන්න් මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි. 

මීට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර නියමිත රෝගීන් කුලියාපිටිය, නාරම්මල, දඹදෙණිය, නිකවැරටිය සහ නිකවැව රෝහල් කරා යොමු කිරීමටද පියවර ගෙන ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!