spot_img
spot_imgspot_img

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

පුවත්

විදෙස්

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය.

වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ වෙත යැවුණු අතර පෞද්ගලික යානයක් සඳට යැවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මිනිසුන් රහිත යානයක් වන මෙහි නාසා ආයතනයේ පර්යේෂණ උපකරණ කිහිපයක් ද ගෙනගොස් තිබේ.

බ්‍රහස්පතින්දා(22) සවස සිදුකළ මෙම ගොඩබෑමෙන් පසු යානයේ සන්නිවේදක පද්ධතියේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවද මේවන විට එය තරමක් දුරට යථා තත්ත්වයට පත්ව ඇතැයි සඳහන් වේ.

සැලසුම් කළ පරිදි, අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ පිහිටි Malapert A නම් ආවාටයක රැඳී ඇති බවට විශ්වාස කරන බව සමාගම පවසයි. 

වාණිජමය වශයෙන් අභ්‍යවකාශ යානා සමූහයක් සඳට යැවීමේ ඉලක්කයෙහි ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස මෙම ගොඩබෑම සනිටුහන් වෙයි.

ඔඩිසියස් පසුගිය බ්‍රහස්පතින්දා සඳ වෙත යවන ලද්දේ එලොන් මස්ක්ගේ සමාගමක් වන ස්පේස්එක්ස් විසින් ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් හි පිහිටි නාසා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලද ෆැල්කන් 9 රොකට්ටුවක් මතිනි.

https://www.reuters.com/technology/space/us-achieves-first-moon-landing-half-century-with-private-spacecraft-2024-02-23/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!