spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරිය රිය අනතුරින් මරුට

පුවත්

විදෙස්

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වන ලාස්‍යා නන්දිතා සිකුරාදා සංගාරෙඩිහි සිදුවූ රිය අනතුරකින් මිය ගියේය.

37 හැවිරිදි නන්දිතා SUV රථයකින් ගමන් කරමින් සිටියදී එය පාලනය කරගත නොහැකිව වැටක ගැටීමෙන් මන්ත්‍රීවරියට මාරාන්තික තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

ඇයව ඉක්මනින්ම අසල පිහිටි රෝහලකට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඇය රෝහල්ගත කරන විට මිය ගොස් සිටි බවයි. අනතුරින් රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබයි.

සංගරෙඩි පොලිස් අධිකාරී පැවසුවේ, මන්ත්‍රීවරිය ගමන් කළ රථයේ රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුවී ඇති බවට සැක කෙරෙන බවත්, රථයේ ඉදිරිපස පැත්තට සැලකිය යුතු අලාභ හානි සිදුව ඇති බවත්, ඊට අමතරව ඇයගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති බවත්ය. අනතුරින්, මුලදී, ඇයව පෞද්ගලික රෝහලකට ගෙන ගිය අතර, එහිදී ඇය මියගොස් ඇති බව ප්‍රකාශ විය.ඇගේ දේහය මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහලට ගෙන ගොස් තිබේ.

https://www.indiatodayne.in/national/story/telangana-brs-legislator-lasya-nanditha-dies-in-car-accident-she-was-37-897039-2024-02-23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!