spot_img
spot_imgspot_img

වකුගඩු දෙකම අහිමි වූ දෙහැවිරිදි දැරියට සැත්කම කළ වෛද්‍යවරයා අධිකරණයට ගෙනෙන්න යැයි නියෝග

පුවත්

විදෙස්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්මකින් පසුව වයස අවුරුදු 02ක දැරියක මියයාමේ සිද්ධිය අරාධමය වරදක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලිසියට නියෝග කළේය.

වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිව මියයාම මනුෂ්‍ය ඝාතනයක් බවත්, සැත්කම කළ වෛද්‍යවරයා රටින් පැන ගොස් ඇති බවත්, සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙසත් ජනාධිපති නීතීඥ පයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

එය අපරාධයක් බව අනාවරණය වූයේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය. දැරිය මිය ගිය පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත් ඒවන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බවත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

මහේස්ත්‍රාත්වරයා: මේ රටේ අපරාධයක් කරලා පිටරටක ගිහිල්ලා ඉන්න පුළුවන්ද?

පොලිසිය:අධිකරණයේ නියෝග පරිදි කඩිනමින් පියවර ගන්න පුළුවන් ස්වාමීනී.

මහේස්ත්‍රාත්වරයා; පොලිසියට නීතිය ක්‍රියාත්මක කර පියවර ගැනීමට සඳහා අධිකරණ නියෝග අවශ්‍ය වන්නේ නැහැ. වෛද්‍යවරයා ඉන්න රට දැන් දන්නවනම් වහාම ඒ සඳහා පියවර ගන්න අදාළ නියෝග නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න මම වහාම නියෝග නිකුත් කරන්නම්. දැනට මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය යනවා ඒ මරණ පරීක්ෂණයටත් මේ වෛද්‍යවරයා අවශ්‍යයි නේද? යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් නියෝග නිකුත් කරන බව පොලිසියට දන්වා සිටියේය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට කළ ශල්‍ය කර්මයෙන් පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර ඇති අතර එය අක්‍රිය තත්ත්වය පවතින හෙයින් සැත්කම් කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි .

ඒ අනුව එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍ය කර්මය කළ බවත්.රෝහලේ මාස හතක් ප්‍රතිකාර ලැබූ ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිවූව තිබූ බවත්, සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ අදාළ වාට්ටුව භාරව කටයුතු කළ වෛද්‍යවරිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 27 දිනට නියම කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!