spot_img
spot_imgspot_img

ඉන්දියාව ගොවීන්ට කඳුළු ගෑස් ගසයි

පුවත්

විදෙස්

විරෝධතාවයේ යෙදෙමින් දිල්ලි අගනුවරට පා ගමනින් එන ගොවීන් වැළැක්වීමට ඉන්දීය පොලිසිය දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ගොවීහු ‍බොහෝ දෙනක් පන්ජාබ් ප්‍රාන්තයේ සිට පැමිණෙති. ඔවුන් තවමත් දිල්ලියේ සිට කිලෝමීටර් 200ක් දුරින් හර්යානා ප්‍රාන්තයේ ෂම්බු දේශසීමාවේ සිටිති.

දිල්ලි අගනුවර පිවිසුම් මාර්ග කටු කම්බි සහ සිමෙන්ති කුට්ටි දමා අවහිර කර ඇත.

ගොවීන් මාර්ගයේ බාධක ඉවත් කිරීමට පටන් ගැනීමෙන් පසු අඟහරුවාදා හර්යානා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පසුව රාත්‍රියේදී ගොවිපල නායකයින් “සටන් විරාමයක්” කැඳවූ අතර ඔවුන් උදෑසන තම ගමන නැවත ආරම්භ කරන බව පැවසූහ.

බදාදා උදෑසන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ විරෝධතාකරුවන් ඈත් කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය සහ පැරාමිලිටරි භටයන් දහස් ගණනක් දිල්ලි දේශසීමා දිගේ යොදවා ඇති බවයි.

ඔවුන්ගේ පාගමන නැවැත්වීමට පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ යෙදවීමත් සමඟ ෂම්බු දේශසීමාවේ ගොවීන් විරෝධතාකරුවන්ට ආරක්ෂිත ඇස් කණ්ණාඩි බෙදා දෙමින් සිටිති.

එහිදී ඔවුන්ට එරෙහිව ප්ලාස්ටික් සහ රබර් උණ්ඩ භාවිත කර ඇති බවට චෝදනා කරමින් එහි ගොවි නායකයින් මාධ්‍ය හමුවක්ද පැවැත්වීය.

ගොවීන් “ත්‍රස්තවාදීන්” හෝ විරුද්ධ පක්ෂ සමඟ පෙලගැසී සිටින බවට මතයක් නිර්මාණය වෙමින් පවතින බව පවසමින් විරෝධතා පිළිබඳ මාධ්‍ය ආවරණය ද ඔවුහු විවේචනය කළහ.

“අපට වෙන කිසිවෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නැත,” ගොවිපල නායක සර්වාන් සිං පැන්දර් වාර්තාකරුවන්ට පැවසීය. “අපේ ඉල්ලීම් මුල ඉඳලම එකයි.”

ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම නිශ්පාදන සඳහා අවම ආධාරක මිල (MSP) එනම් සහතික මිලක් ලබාදෙන ලෙසයි. තම ආදායම දෙගුණ කරන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ද ගොවීහු ඉල්ලා සිටිති.

විරෝධතා පාගමන ආරම්භ වූ අඟහරුවාදා සිට අවම වශයෙන් ගොවීන් දුසිමක්වත් පොලිසිය විසින් රඳවාගෙන ඇති බව ගොවිපල නායකයෝ පවසති.

මෙම පාගමනට වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ගොවීන්ගේ අරමුණ වන්නේ හර්යානා ප්‍රාන්තය තරණය කිරීමෙන් පසු දිල්ලි අගනුවරට ළඟා වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!