spot_img
spot_imgspot_img

ටිරාන්ලාට මඩ ගැහුවයි, ඩිජිටල් පනතට ගොදුරු වූ පුද්ගලයා

පුවත්

විදෙස්

“ඔහු සමාජ මාධ්‍ය හරහා අපිට මඩ ගැහුවා. අත්අඩංගුවට ගන්නා විට රුපියල් 400,000ක විදේශ මුදල් ඔහු සතුව තිබුණා. මේ නිසා තමයි අපි අන්තර්ජාල ආරක්ෂණ පනත ගෙනාවේ. ආණ්ඩු වෙනස් කිරීමට පවා මේ ව්‍යාපාර යොදා ගත හැකියි.” යනුවෙන් ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගත් පළමු පුද්ගලයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ සෙනසුරාදා (10) පානදුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක දේ ප්‍රචාරය කළ එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බවයි. එම පුද්ගලයා දේශපාලනඥයකුගේ ද සහය ඇතිව එම අපහාසාත්මක ප්‍රචාරය ගෙන ගොස් ඇති බබවයි. ඔහුගේ නම ඉදිරියේ දී හෙළිකරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!