spot_img
spot_imgspot_img

“අපිට ඉලක්කයක් තියෙනවා, එතැනට බෙදිලා යන්න බෑ”

පුවත්

විදෙස්

”අපිට ඕන මේ රට ඉස්සරහට ගෙනිහින් මිනිස්සු ටික දිනවන්න. මේ අම්මල තාත්තලට කියන්නේ මේ දරුවෝ ටික හොඳින් බලාගන්න . ඔබට වඩා හොඳ කාලයක් දරුවන්ට උදාකර දෙන්න අපි කටයුතු කරනවා.” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ජයගම ශ්‍රී ලංකා ජංගම සේවයේ දී දරුවන් සමඟ කාලය ගත කරමින් කියා සිටියේය.

එම වැඩසටහන ඊයේ (01) අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලුදෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක්  නොබියව එම අභියෝගයට මුහණ දුන් බවයි. තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කීවේය.

ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවාව වැඩසටහනට සමගාමීව ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ද පැවැත්විණි. .

ඉන්ධන, ගෑස්, ඖෂධ, කිරිපිටි නොමැතිව ජාතිය ම පෝළිම්වල පසුවූ යුගය නිමාකරන්නට වත්මන් රජයට හැකිවු   බවත්, එහි ගෞරවය මෙරට ශ්‍රම බලකායට ලබාදීමට තමා දෙවරන් නොසිතන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ ඉදිරියේ දී මේ රටේ ලොකු පෙරළියක් කරන්න අපි සලසුම් කරලා තියනවා. මේ වන විටත් ඒ වැඩ ටික සිද්ද වෙනවා. එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති. අපිට ඉලක්කයක් තියනවා. එතනට නිකං යන්න බෑ. අපි  රටක් හැටියට එක්විය යුතුයි. අපිට පක්ෂ, පාට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු දිනවන්නයි. ශ්‍රම වාසනා අරමුදල තියෙන්නෙ ශ්‍රමිකයන්ගේ දරුවන්ටයි. මේ අරමුදලින් වෙනදාට ඡන්ද ගන්න ටකරන් තහඩු, වැසිකිළි කටවල් බෙදලා තියනවා. එහෙම ඉතිහසයක් අපි වෙනස් කරලා තියනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එක චේන්ජ් කරන්න පටන් අරන් තියනවා.  අද මේ අරමුදල් වෙන්වන්නේ ශ්‍රමික ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා.  ජනාධිපතිතුමා ඒ වැඩ ටික සේරම කරන්නේ මේ දරුවෝ ටික ගොඩනගන්න අවශ්‍ය නිසයි. මේ ගමන අපි ඉස්සරහට එකට අත්වැල් බැඳගෙන යමු කියලා මේ අම්මල තාත්තලාට මම ආරාධනා කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!