spot_img
spot_imgspot_img

තැපැල් කාර්යාලයට ගිය තරුණියට, සිව් දෙනකු අතවර කරලා

පුවත්

විදෙස්

සිය මව සමඟ තැපැල් කාර්යාලයට පැමිණි තරුණියක් රවටා ඇය නිවසකට ගෙන්වාගෙන සමූහ අතවරයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් සේවකයන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල සහ ඉඹුලාන තැපැල් කාර්යාලවල සේවය කරන හතර දෙනෙකි.

සිය මව සමඟ රුවන්වැල්ල තැපැල් කාර්යාලයට පැමිණි 26 හැවිරිදි තරුණියකට උපකාර කළ 26 හැවිරිදි තැපැල් සේවකයකු ඇය සමඟ මිත්‍රත්වයක් ඇතිකරගෙන ඇය තම නිවසට ගෙන්වාගෙන ඇත. ඉන් පසු ඔහු ඇයට අතවර කර තවත් තැපැල් සේවක මිතුරන් 03 දෙනකු ද ගෙන්වාගෙන ඇයට වරින්වර අතවර කර තිබේ.

මෙම තරුණිය දුරකථන ඇමතුමක් ගනිමින් තැපැල් සේවකයාගේ නිවසට යන අයුරුදු දුටු ඇගේ සොහොයුරා‍ගේ මිතුරෙක් ඒ බව සොහොයුරාට පැවසීමෙන් අනතුරුව සොහොයුරා විසින් සොයා බැලීමේ දී මෙම සිද්ධිය අනාවරණය වී ඇත. පසුව තරුණියගේ මව සිය දියණිය ද සමඟ ගොස් රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!