spot_img
spot_imgspot_img

භික්ෂුව ඝාතනයට හේතුව, නිදන් හෑරීමේ සිද්ධියක් ?

පුවත්

විදෙස්

මල්වතුහිරිපිටියේ විහාරස්ථානයක දී බෞද්ධ භික්ෂුවක් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ නිදන් හෑරීමේ සිද්ධියක දී පොරොන්දු වූ මුදල නොලැබීම හේතුවෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් යැයි සැකයක් පවතින බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ කලපළුවාවේ ධම්මරතන හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරන බවත්, නිදන් හෑරීම් කටයුතුවලට සම්බන්ධ බවත් අනාවරණය වී තිබේ. එලෙස නිදන් හෑරීමේ දී සංවිධානාත්මක කල්ලියක සහය ලබාගෙන ඔවුන්ට මුදල් නොගෙවීමේ සිද්ධියක් මත මෙලෙස ඝාතනය වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

හිමියන් ඝාතනය කිරීම සදහා යොදාගත් රථය අමතර කොටස් එකලස් කරමින්  සාදා ඇති රථයක් බව ද රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණවලින් තහවරු වී ඇතැයි කඩුවෙළ පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් පසු එම ‍රථය කැලෑබද ප්‍රදේශයට ගෙනගොස් ගිනි තබා විනාශ කර ඇති අතර, එය ගිනි තැබීමෙන් අනතුරුව පුද්ගලයන් දෙ‍දෙනකු කලබලයෙන් එම ස්ථානයෙන් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද පොලිසියට ලැබී ඇත.

ඝාතනය ලක් වූ භික්ෂුව ඉඩම ඇතුළු දේපළ රැසක මෙන්ම විශාල මුදල් ප්‍රමාණයක ද හිමිකරුවකු බවත්, එම දේපළ සහ මුදල් ඇත්තේ භික්ෂුව විසින් ඉතාමත් සමීපව ඇසුරුකළ අයකුගේ නමින් බවත් පොලිසිය මූලික විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

පොලිස් කණ්ඩායම් කිහිපයක්  ම මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!