spot_img
spot_imgspot_img

වෛද්‍යවරයා ඉල්ලා, කරාපිටියේ උද්ඝෝෂණ

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක කර ඇති කුමන්ත්‍රණය පරාජය කරන ලෙසත් ඉල්ලා විශාල පිරිසක් අද (21) දෑසන කරාපිටිය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

මේ සදහා පිළිකා රෝගීන්ගේ ඥාතීන්, ගාල්ලේ ව්‍යාපාරික ප්‍රජාව, කරාපිටිය ප්‍රදේශවාසීන් සහ වෛද්‍යවරු පිරිසක් ද සහභාගී වී සිටියහ.

රෝහලේ පිළිකා ඒකකය අසළින් උද්ඝෝෂණය ආරම්භ කළ පිරිස පා ගමනින් රෝහල ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරතව නැවත පිළිකා ඒකකය වෙත ගමන් කළහ. ඉන් අනතුරුව වෛද්‍යවරයාගේ සේවය අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා පෙත්සමකට ද අත්සන් කරන ලදී.

ඔවුන් පවසන්නේ තම රාජකාරී වේලාව ඉක්මවා රෝගීන් වෙනුවෙන් කැප වී සිටින විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාගේ සේවය නතර කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ ම කුමන්ත්‍රණකරුවන් පිරිසක් උත්සාහ ගන්නා බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය සඳහා “සහන සත්කාර” මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පුරෝගාමී වූ විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා ඉන් නොනැවතී අංග සම්පූර්ණ පිළිකා රෝහලක් ඉදිකිරීම ද ආරම්භ කර ඇත.

වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට නිසි පරිදි රාජකාරී කිරීමට රෝහල් සේවකයන් ඉඩ නොදෙන තත්වයක් තුළ ඔහු පසුගිය 18 වැනි දා තමන් විශ්‍රාම ගන්නා බවත් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාදෙන ලෙසත් ඉල්ලා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වරයා වෙත ලිපියක් යොමුකර තිබිණි.

තවත් වසර 02ක් සේවය කිරීමට ඉතිරිව තිබිය දී වෛද්‍යවරයා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත්තේ අනිකුත් රෝහල් සේවකයන් ඔහුට එරෙහිව දියත් කර ඇති කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල හේතුවෙන් යැයි උද්ඝෝෂකයෝ පවසති.

විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා රෝහල් සේවිකාවකට පහරදුන් බව කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය 18 වැනි දා මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22) දක්වා රිමාන්ඩ් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!