spot_img
spot_imgspot_img

ඉන්දියාව නොමිළේ දෙන පරණ දුම්රිය එන්ජින් 02ක් ‍බලන්න 65 දෙනකු ඉන්දියාවේ සංචාරයක

පුවත්

විදෙස්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන භාවිතයෙන් ඉවත්කළ ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු මිලියන ගණනක් ජනතා මුදල් වැය කරමින් ඉන්දියාවට යාමට සූදානමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ කියති.

මෙම ඩීසල් දුම්රිය එන්ජින් දෙක භාවිතයෙන් ඉවත්කර ඇත්තේ ඉන්දියාවේ දුම්රිය සේවය විද්‍යුත්කරණය කිරීම හේතුවෙනි. එලෙස ඉවත්කරන ලද ඩීසල් එන්ජින් 20ක් ශ්‍රී ලකාවට නොමිලයේ ලබා දීමට ඉන්දියාව කටයුතු කරමින් සිටියි. එහි පළමු අදියර ලෙස එන්ජින් දෙකක් දැනටමත් ශ්‍රී ලංකාවට එවීමට සූදානමින් තිබේ.

මෙවැනි එන්ජින් 20 ම පරීක්ෂා කිරීමට ටෙක්නිකල්, මිකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සහ සිව්ල් යන ඉංජිනේරු ‍ක්ෂ්ත්‍රයන් නියෝජනය කරමින් හතර දෙනකු ඉන්දියාවට යාම ප්‍රමාණවත් බව ද ඉංජිනේරුවෝ ම කියති.

දුම්රිය ඉන්ජිනේරුවන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවලට ඉන්දීය දුම්රිය එන්ජින් සුදුසු නොවන බවයි. ඒවා මෙරට දුම්රිය මාර්ගවලට බරින් වැඩි බවත්, දිග වැඩිවීමත් ගැටලුවක් බවත් පෙන්වා දෙයි. එමෙන් ම ඇක්සල්වල බර බෙදී යාමේ අසමානතා හේතුවෙන් ද මෙම එන්ජින් පීලි පැනීමට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ද ඔවුහු කියති. කෙසේ වෙතත් භාවිතායෙන් ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන්නේ අමතර කොටස් අළෙවිය ඉලක්ක කරගෙන බව ද ඉංජිනේරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!