spot_img
spot_imgspot_img

සුනාමියක් නෑ, පළායන්න එපා. කාලගුණේ රට පටලවලා

පුවත්

විදෙස්

සුමාත්‍රා දූපත් අසළ අද (30) උදෑසන 10.44 ට පමණ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදු වූ වට එය වැරදි ලෙස අර්ථකථනය කළ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය රටම බියට පත්කරන පුවතක් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේය.

ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවා මෙම භූමිකම්පාවෙන් සුනාමි අනතුරු අවදානමක් නොමැති බව නිවේදනය කර තිබිය දී එම භූමිකම්පාවේ ප්‍රභලත්වය ඒකක 0.7කින් වැඩි කරමින් මාධ්‍ය නිවේදන නිකුත් කළ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වෙරළබඩ කලාපයේ ජනතාව බියට පත්වන නිවේදනක් නිකුත්කරමින් කියා සිටියේ සුනාමි අවදානමක් ගැන විමසිල්ලෙන් පසුවන ලෙසයි.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දා පුර පසලොස්වක පොහොය යෙදී තිබුණු ආකාරයට ම මෙවර ද නත්තල් දිනට පසු දෙසැම්බර් 26 වැනි දා පුර පසෙළොස්වක පොහොය යෙදී තිබුණෙන් විද්‍යාව පසෙක තබා ගුප්ත විශ්වාසයන් පසුපස යන ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය අනාවැකිකරුවන් සහ සාස්තරකරුවන් ලවා දෙසැම්බර් 26 වැනි දා සුනාමි අනතුරක් සිදුවනු ඇතැයි මිත්‍යාවක් සමාජගත කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික සුනාමි පූරව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ද භූමිකම්පාවේ ප්‍රබලත්වය වරද්දාගත් වහාම මෙරට මාධ්‍යය ද එම ත‍ොරතුර කිසිදු වගවිභාගයකින් තොරව ප්‍රචාරය කරමින් සුනාමියක් ගැන බොරු බියක් ඇතිකර තිබේ.

වැරදි තොරතුරු සහිත නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!