spot_img
spot_imgspot_img

“යුක්තිය මෙහෙයුම බොරුවක් ? යුක්තියක් නෑ” – ගාල්ල අධිකරණය කියයි

පුවත්

විදෙස්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගැනීමට බව කියමින් ‍පොලිසිය විසින් දියත්කර ඇති “යුක්තිය මෙහෙයුම” මගින් පදනම් විරහිතව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව නිරික්ෂණය වී ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පවසයි.

2007 අංක 54 දරණ ‍ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතේ 10(1)(2) සහ (3) උප පගන්තිවල කාර්ය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව පදනම් විරහිතව තැනැත්තන් අදිකරණයට ඉදිරිපත් කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ කලාපයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ක්‍රියාකරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

අධිකරණයේ අණ පරිදි මෙය නිකුත්කර ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසිනි.

යම් තැනැත්තකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරී‍ම සඳහා ‍පොලිස් නිලධාරියා විසින් සෘජුවම අදාළ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කර අන්තරාදායක ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තකු බවට සනාථ කර ගැනීමෙන් පසු වැඩිදුරටත් ඒ තැනැත්තාගේ ඇබ්බැහි වීමේ ප්‍රමාණය ප්‍රතිකාර මධ්‍යස්ථානයක අනිවාර්ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා යැවිය යුතු මට්ටමට  ගමන් කර ඇති බවට නිර්දේශ ලබා ගෙන තිබිය යුතු බවත්, මෙවැනි පුනරුත්ථාපන නීති සම්බන්ධයෙන් අපරාධයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අදාළ ක්‍රමවේදයන්ට අනුව ක්‍රියා නොකළ යුතු බවත් එවැනි තැනැත්තකු රිමාන්ඩ් කිරීමේ ප්‍රතිපාදන නොමැති බවත් රාජ්‍ය මූළ්‍ය නාස්තිය ද කාර්ය පටිපාක අවභාවිතයන් ද වළක්වා ගැනීම සඳහා ශීර්ෂගත පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු බවත් අදාළ අංශ වෙත දැන්වීමට අධිකරණය විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර ඇත.

යුක්තිය මෙහෙයුම පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ උසස් නිලධාරියකු අප සමඟ පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් කිසිම වග විභාගයකින් තොරව මහ මඟ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රැගෙන එන බවයි. එමෙන් ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිට ඇප ලබා සිටින හෝ පුනරුත්ථාපනය වී සිටින පුද්ගලයන්ද නැවත සොයාගොස් ඔවුන් යළි අත්අඩංගුවට ගෙන “යුක්තිය මෙහෙයුම” මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඔළු ගෙඩි ගණන වැඩිකර සංඛ්‍යාලේඛන සකස් කිරීමේ ව්‍යාජ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි. දිනපතා අධිකරණ වෛද්‍ය අංශයට විශාල වශයෙන් සැකකරුවන් රැගෙන එන බැවින් ඔවුන් පරීක්ෂා කිරීමේ ද්‍රව්‍ය හා උපකරණ පවා නිකරුණේ නාස්ති වී යන බවත් වෙනත් රාජකාරී කරගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවත් අධිකරණ වෛද්‍ය අංශය චෝදනා කරයි.

මේ අතර පොලිස් නිලධාරීන් පුද්ගලයන් පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ මූලික පරීක්ෂණ සිදුකරන උපකරණ හෝ නොමැතිව මුඛය ඉඹ බැලීමෙන් බව ද බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!