spot_img
spot_imgspot_img

Online ආරක්ෂණ පනත, යළි කරළියට

පුවත්

විදෙස්

වගන්ති 33ක් වෙනස් කරන ලෙසත්, වගන්ති 32ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එම වගන්ති වෙනස් නොකරන්නේ නම් 2/3ක බහුතරයකින් සම්මත කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් ඔන්ලයින් ආරක්ෂණ පනත නැවත ජනාවාරි 23 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවක් සඳහා යොමුකරන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දී තිබේ.

ඔහු මේ කටයුතු භාර දී ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශු මාරසිංහටය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව එහි ඉදිරි කටයුතු කිරීමේ වගකීම ඔහුට පවරා ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පනතට එරෙහිව පෙත්සම් 52ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට යොමුකිරීමෙන් පසු පසුගිය නොවැම්බර් 07 දා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ආරම්භයේ දී ම සඳහන් කර තිබුණේ ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම අත්‍යාවශ්‍ය බවයි. නමුත් එහි ඇති වගන්ති 33ක් වෙනස් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් විය.

එම පනතේ 3,5,7,9,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,25,26,27,28,29,30,31,32,36,37,42,45,53 හා 56 වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 84.2 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතකළ යුතුය.“ යනුවෙන් සඳහන්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වන්නේ එම පනතේ වගන්ති 31ක සඳහන් කරුණු සංශෝධනයන්ට ලක්කරන්නට හැකිනම් පමණක් 1/2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. නැතිනම් 2/3ක බහුතර බලයක් අවශ්‍ය වේ. කෛසේ වෙතත් කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නට හැකියාව ඇති නම් පමණක් මෙය සම්මත වනු ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිවිල් සංවිධාන සමඟ පැවැති සාකච්ඡාවක දී පවසා තිබුණේ මෙය අමාත්‍ය මණ්ඩලය විසින් කලබලයෙන් භාර දුන් පනතක් බවයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්න ද ඒ සඳහා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් නොකළ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබිණි.

2020 වර්ෂය ආරම්භයේ දී ම එවකට අධිකරණ අමාත්‍යවරයා වූ අලි සබ්‍රි සහ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මෙය සකස් කර ඇති බව ද වාර්තා විය.

කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා මාස තුනක කාලයක දී නිසි ක්‍රමවේදයක් අනුව උපදේශන ක්‍රියාමාර්ග ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන සහ Asia Internet Coalition ආයතනය සමඟ ද එකඟතාවකට එළැඹ තිබිණි.

Asia Internet Coalition යනු ගූගල්, ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා සපයන සාමගම් 18ක එකතුවකින් සමන්විත ආයතනයකි.

ටිරාන් අලස් අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ නීතිඥ රුවන් ගුණසේකර සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අව්කන සංජීව ඇතුළු පිරිසක් සිංගප්පූරුවට ගොස් මේ ගැන සාකච්ඡා පවත්වා තිබිණි.

එම සාකච්ඡා එසේ සිදුවෙමින් තිබිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔන්ලයින් ආරක්ෂණ පනත ජනවාරි 23 වැනි දා පාර්ලිමේන්තුවට නැවත ගෙනවිත් තේරීම් කාරක සභා මට්ටම දක්වා රැගෙන යාමට අපෙක්ෂා කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!