spot_img
spot_imgspot_img

සුනඛයකුට සිවුරක් ඇන්දූ, උපසම්පදා භික්ෂුවට ලක්ෂ ගණන් මුදල් ලැබුණු හැටි ?

පුවත්

විදෙස්

සුනඛයකුට සිවුරක් අන්දවා සමාජ මාධ්‍ය වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කළේ යැයි කියමින් රිමාන්ඩ් කරන ලද රත්නපුරේ විමලබුද්ධි හෙවත් “විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුවගේ බැංකු ගිනුමට පසුගිය කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 25ක මුදලක් බැර වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණනයේ දී කියා සිටියේ මම සිද්ධිය සහ සැකකරු පසුපස කියිසම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බවයි. එම භික්ෂුව විසින් අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝ සම්බන්ධයෙන් පැමිණිලි 17ක් ලැබී ඇතැයි ද පවසමින් සැකකරුගේ දුරකථනය රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාකවක් කැඳවීමට ද අවසර ඉල්ලා සිටියේය.

එමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබිණි.

සැකකාර උපසම්පදා භික්ෂුව කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක වාසය කරමින් කාන්තාවන් සමඟ වීඩියෝ අන්තර්ජාලයට මාදහැරීම, සුනඛයකුට සිවුරක් ඇන්දවීම, මත්ද්‍රව්‍ය පානය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පෙනී සිටිමින් බෞද්ධ භික්ෂූන්ට අපහාස කිරීම යන චෝදනාවලට අදාලව වීඩියෝ දර්ශන සහ ඡායාරූප රැසක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ 3.1 වගන්තිය යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 290, 291 වගන්ති යටතේ වරදවල් සිදුකිරීමට එරෙහිව සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එමෙන් ම සැකකාර භික්ෂුව දැඩිලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට රජයේ වෛද්‍ය නිලධාරීවරයකුගේ සහතිකයක් ද ඉදිරිපත් කෙරිණි.

මෙම කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර භික්ෂුව ලබන 02 වැනි දා දක්වා නැවත රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. එමෙන්ම සැකකරුගේ දුරකථන තොරතුරු විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට ද අධිකරණයේන අවසර ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!