spot_img
spot_imgspot_img

පාසල් දැරියන්ට නවාතැන් දී, ලිංගික අතවර කළ ෆාදර් අත්අඩංගුවට

පුවත්

විදෙස්

ගැහැනු ළමුන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන යමින්, එහි නැවතී සිටි රැකියාවේ නිරත තරුණියකට සහ පාසල් සිසුවියන් පිරිසකට අතවර කළැයි සැකපිට දේවගැතිවරයකු අත්අඩංගුවට ගත් බව ‍කිරුළපන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන හයිලෙවල් පාරේ පිහිටි නේවාසිකාගාරයක් භාරව සිටි 63 හැවිරිදි දේවගැතිවරයෙකි. එම නේවාසිකාගාරය දේව සභාවකින් පාලනය කරන ලද්දකි.

ලිංගික අතවරයට ලක්වූ දැරියන් අතර පවුල් තුනක සහෝදර සහෝදරිය්න 06 දෙනකු ද සිටින බව අනාවරණය වී ඇත.

මෙම නේවාසිකාගාරයේ නැවතී රැකියාවකට යන 23 හැවිරිදි තරුණියක්, වයස අවුරුදු 11-18ත් අතර පසුවන පාසල් සිසුවියන් 08 දෙනකු වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

නේවාසිකාගාරයේ දේවගැතිවරයා තමන්ට ලිංගික අතවර කළ බව පාසල් දැරියක් විසින් විදුහල්පතිනියට පැවසීමෙන් මෙම සිද්ධිය අනාවරණය වී තිබේ. විදුහල්පතිනිය විසින් කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මූලික විමර්ශනයක් පවත්වා දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ 2020 වර්ෂයේ පමණ සිට දේවගැතිවරයා විසින් මෙම දැරියන්ට අතවර කර ඇතැයි අනාවරණය වූ බවයි.

දැරියන්ට තම ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වමින් දේවගැතිවරයා අතවර කර ඇතැයි ද අනාවරණය වී තිබේ. පොලිසිය පවසන්නේ අසභ්‍ය දර්ශන අඩංගු එම ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගත් බවයි.

පොලිසිය පවසන්නේ මෙම නේවාසිකාගාරය දේවස්ථානයකට අනුබද්ධව පවත්වාගෙන ගියත් ලියාපදිංචි කරන ලද නේවාසිකාගාරයක් නොවන බවයි. දැරියන්ට අතවර කිරීමේ දී දේවගැතිවරයා සමඟ තවත් පුද්ගලයන් සම්බන්ධව සිටියේ ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!