spot_img
spot_imgspot_img

මොරගහකන්ද ව්‍යාපෘති සේවකයන් අතර ගැටුමකින් අයෙක් මරුට

පුවත්

විදෙස්

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ සේවකයන් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී තිබේ.

පොලිසිය පවසන්නේ පිහි ඇනුමක් හේතුවෙන් එක් සේවකයකු බරපතල තුවාල සහිතව එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!