spot_img
spot_imgspot_img

සිවුර සුනඛයකුට අන්දවා, පවුල් කිහිපයක් නඩත්තු කළ උපසම්පදා භික්ෂුව අධිකරණයේ දී කී කතාව

පුවත්

විදෙස්

සමාජ මාධ්‍ය ජාලාවල “විශ්ව බුද්ධ” ලෙස පෙනී සිටි උපසම්පදා භික්ෂුව ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (13) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ රත්නපුරේ විමලබුද්ධි නමැති වයස අවුරුදු 34ක් වූ උපසම්පදා භික්ෂුවකි.
සැකකාර හිමියන් මානසික සෞඛ්‍ය විද්‍යායතනයකට යොමුකර මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිිකාරියට නියෝග කළේය.
මෙම භික්ෂුව තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන්ව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
ඔහු ආගමික සංහිදියාව බිඳී යන අයුරින් කටයුතු කර ඇති බවත්, ඔහු මෙහෙයවන්නේ සංවිධානාත්මක කල්ලියක් විසින්ද යනන සොයා පරීක්ෂණ කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීවේය.
“මෙම සැකකරු බෞද්ධ ආගමට නිගා දෙන අයුරින් හා ආගමික සංහිඳියාව විනාශ වන ආකාරයෙන් කටයුතු කර ජනතාව අතර වෛරයක් හා අප්‍රසාදයක් අතිවන ආකාරයෙන් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලාවල කටයුතු කරනවා. එක් අවස්ථාවක දී සිවුරක් දාගෙන බෞද්ධ භික්ෂුවක් ලෙස පෙනී සිටින සැකකරු තවත් අවස්ථාවක දී සාමාන්‍ය ඇඳුමකින් සැරසී කටයුතු කරනවා. ඒ වගේම ඔහු සිවුර සුනඛයකුට අන්දලා විවිධ ප්‍රකාශ සිදුකර තිබුණා. මේ ස්මබන්ධයේන විමර්ශනය කිරීමේදී ඇත්තටම මොහු භික්ෂුවක් ද යන්න සොයා බැලුවා. එහි දී අනාවරණය වුණා උපසම්පදා භික්ෂුවක් ලෙස ලියාපදිංචි වෙලා තියෙන බව. ජාතික හැඳුනුම්පත් පවා තියෙනවා. නමුත් මෙම තැනැත්තා රැඳී සිටින්නේ පුද්ගලික නිවසක. මොහුට ආදායම් ලැබෙන්න මාර්ගයක් නැතත් යාන වාහන නඩත්තු කරමින් ඉතාමත් සුඛෝපභෝගී ලෙස සිටිනවා. මේ සැකකරු 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසී පීආර්) 3(2) සහ (3) වගන්ති ප්‍රකාරව නේ ම ලංකා දණ්ඩ නීති සග්‍රහයේ 290ථ 291 වගන්ති ප්‍රකාරව වරදවල් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.”
නීතිඥ ගුණරත්න වන්නිනායක මෙසේ කීවේය.
“මොහු පින්තූරවල පෙනී ඉන්නේ එක් කනක කරාබුවක් දාගෙන, කටේ සිගරැට් එකක් තියාගෙන. ඒ වගේම මොහු සුනඛයකුට සිවුරු ඇන්දුවා. මොහු කාන්තාවන් හතර දෙනෙක් නඩත්තු කරන බව අනාවරණය වී තිබෙනවා. මේ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද ? මොහුගේ සිවුර වහාම ගැලවිය යුතුයි. මේක සිවුරට අගෞරවයක්. මොහුගේ අම්මා තාත්තා හොයන්න ඒන. වාහන ඇතුලේ කාන්තාවන් දාගෙ සිගරට් බිබී මත්පැන් බීගෙන වාහන එලවනවා.”
මෙම අවස්ථාවේ තමන්ට කිසිවක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි අධිකරණය සැකකරුගෙන් විමසා සිට අවස්ථාවේ දී ඔහු මෙසේ කීවේය.
“ස්වාමීණී, මේ කියන ඇතැම් කරුණු මා ප්‍රතික්ෂේප කරනවා. මම මාස හතක් අටක් පමණ කාලයක සිට සමාජ මාධ්‍ය භාවිත කරනවා. මේග සාමාජ මාධ්‍ය හරියට බැලුවනම් තේරේවි මම මොනවද කළේ කියලා. මම ටික්ටොක් එකට ආවේ අහම්බෙන්. මම කලින් සැළසුම්කරලා මේවා කළේ නැහැ. මට ටික්ටොක් එකේ දී කට්ටිය කිව්වා ‘පිංබතා’ ‘සිවුරු ගලවලා වරෙන්’ මේ වගේ දේවල් මම සුරතලයට ඇතිකරන බ්‍රිකෝ ගේ ඇඟට සිවුර දැම්මා. මේ චීවරය දරන්න ඕන ගුණධර්ම තියෙන අයයි. එහෙම නැති අය මේක දරන්න ඕන නැහැ. මිනිස්සු ගාව නැති ගුණධර්ම මේ සතා ළඟ තියෙනවා. ඒ නිසා මම සිවුර බල්ලට දැම්මා.”
මෙම කරුණු සැළකිල්ලට ගත් අධිකරණය ඔහු ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ්කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද නියෝග කළේය.

1 COMMENT

  1. මූ වැරදි නෑ. ඇයි ඉතින් ලොකු ලොකු උන්නාන්සෙලා හැංගි හැංගි කරන ඒවා මූ එලිපිට කරනවා. ඒකයි එකම වෙනස.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!