spot_img
spot_imgspot_img

“දරුවා සමඟ ලිංගිකව එකතුවුණේ කැමැත්තෙන්” – හාමුදුරුවෝ අභියාචනාධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

විහාරස්ථානයට පැමිණි බාලවයස්කාර දරුවකු සමඟ තමන් ලිංගිකව එකතුවූයේ එම දරුවාගේ කැමැත්ත ඇතිව නිසා තමන් නිදහස් කරන්න යැයි බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය සිකුරාදා (08) ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ද පානදුර මහාධිකරණය විසින් පනවා තිබූ වසර 20ක සිර දඬුවම වසර 12ක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දඬුවම් නියම වූයේ කොටගල ධම්මරතන නමැති භික්ෂුවකටය.

සම වයසේ සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් ගතිපැවතුම් ඇති විශේෂ අවශ්‍යතා සහිත 17 හැවිරිදි පිරිම දරුවකු විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී කෙසෙල් කෑමට දෙමින් ඔහුට ලිංගික අවර කර ඇතැයි තීන්දු කරමින් පානදුර මහාධිකරණය කොටගල ධම්මරතන හිමිට වසර 20ක සිරදඩුවම් පනවා තිබිණි.

තමන් එම දරුවා සමඟ ලිංගිකව එක්වූයේ දරුවාගේ කැමැත්තෙන් බවත් එවකට එම දරුවා වයස අවුරුදු 16 ඉක්මවා සිටි බැවින් කැමැත්තෙන් ලිංගිකව එකතුවීම වරදක් නොවන බවත් පවසමින් ධම්මරතන හිමි අභියාචනය ගොනුකර තිබිණි.

එම භික්ෂුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ ලිංගික ප්‍රදේශයේ තුවාල නැති බවත්, බලහත්කාරයෙන් එවැන්නක් සිදු කළේ නම් ඒ බවට ලක්ෂණ තිබිය බවයි.

කෙසේවෙතත් අභියාචනයේ තීන්දුව ලබා දෙමින් සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා ඉතා සැලකිලිමත්ව සාක්ෂි විශ්‍‍ලේෂණය කරමින් ලබා දී ඇති තීන්දුව තමන්ද අනුමත කරන බවයි.

මෙම දරුවා අදාල අමිහිරි අත්දැකීමට මුහුණ දීමෙන් පසු විහාරස්ථානයට පැමිණීම අඩු කර ඇති බවත්, ලිංගික ප්‍රදේශයට තුවාල සිදුනොවී අදාල ක්‍රියාකාරකම් කළ හැකි බවට අධිකරණ වෛද්‍යවරයා පවා පිළිගෙන ඇති බවත්, තුවාල නොතිබූ පමණින් කැමැත්තෙන් ලිංගිකව එකතුවීමක් සිදුව ඇතැයි කීමට නොහැකි බවත්, එම දරුවාගේ මානසික මට්ටම ආදිය ගැන මහාධිකරණ විනිසුරුවරයා සැලකිලිමත්ව බලා ඇති බවත් සඳහන් කළ අභියාචනාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල හිමිනම විසින් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

වින්දිතයා‍ගේ සාක්ෂියේ පරස්පර තැන් ඇති බවට හිමිනමගේ නීතිඥවරුන් කරුණු දක්වමින් ඉල්ලා සිටියේ වින්දිත දරුවාගේ සාක්ෂියේ වීඩියෝ පටය නැවත ධාවනය කරන ලෙස. නමුත් පානදුර මහධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව උපුටා දක්වමින් අභියාචනාධිකරණය එම වීඩියෝ පටය නැවත ධාවනය කිරීම ද ප්‍රතික්ෂේ කරන ලදී.

කෙසෙල් ලබා දීමට තම කාමරයට පැමිණෙන ලෙසට හිමිනම මෙම වින්දිත දරුවාට කතා කිරීමෙන් ඔහු රැවටී ඇති බවත්, ඒ අනුව වින්දිතයා මෙම හිමිනමගේ කාමරයට ගොස් ඇති බවත්, වින්දිතයාට කෑ නොගසන ලෙස දන්වමින් හිමිනම මෙම බරපතල ලිංගික අපයෝජනය කර ඇති බවත් වින්දිතයාගේ සාක්කිවල සඳහන් වී ඇතැයි අභියාචනාධිකරණ ය තීන්දු කළේය.

මෙම සිද්ධියෙන් පසු වින්දිත දරුවා දහම් පාසල් යෑම නතර කර ඇති අතර, නැවත පන්සලට යන අවස්ථාවල දී තමන්ට අතවර කළ හිමිනම සිටීදැයි විපරම් කිරීමෙන් පසු යාමෙන් ම පෙනී යන්නේ ඔහු එම ක්‍රියාවට කැමැත්තක් ‍නොදක්වන බව ද මෙම ක්‍රියාවේ බරපතලකම හෝ එම ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිහිටියෙකුට හෙලිදරව් කළ යුතුබව හෝ දන්නා මානසික මට්ටමක් වින්දිතයාට නොමැති බව ද අධිකරණයේ තීරණය වී තිබේ.

තමාට ලබා දුන් අවුරුදු 20ක සිර දඬුවම ඉතා විශාල බැවින් ද, මෙවැනි චෝදනාවක් මීට පෙර නොමැතිවීම සහ තමාගේ වයස අදිය සලකා බලා දඩුවම අඩු කරන ලෙස කොටගල ධම්මරතන හිමි කරන ලද ඉල්ලීම පිළිබඳ සළකා බැලූ අභියාචනාධිකරණය 2020 සැප්තැම්බර් 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබූ වසර 20ක සිරදඬුවම වසර 12 දක්වාා අඩු කිරීමට නියෝග කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!