spot_img
spot_imgspot_img

දේවාලයේ කපුවා මාරයා වෙයි. සොහොයුරා මරුට, සොහායුරිය රෝහලට

පුවත්

විදෙස්

දේවාලයකට පැමිණි දෙදෙනකුට, කපුවා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පිරිමි පුද්ගලයකු මියගොස් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පූණානි ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

වාකරේ, මාන්කේනි ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන යන දේවාලයකට කිසියම් කටයුත්තක් සඳහා මියගිය පුද්ගලයා තම සොහොයුරිය සමඟ පැමිණි අවස්ථාවේ දී එහි සිටි කපුවා සමඟ ඇති වූ ආරවුලක දී මෙලෙස පහරකෑමට ලක්ව ඇත. සොහොයුරා එම ස්ථානයේ ම මියගොස් සිටි බවත්, ‍සොහායුරිය මඩකලපුව රෝහලට ඇතුළත් කර සිටින බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!