spot_img
spot_imgspot_img

යුක්රේන යුද්ධයට ගිය, ශ්‍රී ලාංකික යුද නිලධාරීන් 03ක් මරුට

පුවත්

විදෙස්

යුක්රේන යුද පෙරමුණේ සිටින හමුදා කණ්ඩායම්වලට එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු මෙරට හිටපු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු රුසියානු හමුදා ප්‍රහාරයකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කපිතාන් රනිෂ් හේවගේ යුක්රේන හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස සේවයර කරමින් සිටියේය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 මාර්තු මාසයේදී ඔහු එරට හමුදා සේවයට එක්ව තිබිණි. ඔහු යුක්රේන රුසියා යුද්ධයේ දී දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් යුක්රේන ජනාධිපතිවරයාගේ විශේෂ සම්මාන පහක් ලබාගෙන තිබූ අතර රුසියා හමුදාවේ ඉලක්කයක් බවට ද පත්ව සිටි‍ බව වාර්තා වේ. එරට හමුදාවේ දී “කපිතාන් ඩෙන්ටිස්ට්” යන නාමයෙන් හඳුන්වන රනිෂ් අවස්ථා නමයක් තුවාල ලබා තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කපිතාන් හේවගේ යටතේ සිටි ප්‍රියන්ත නමැති ශ්‍රී ලාංකික භටයකු පසුගිය 04 වැනි දා රුසියානු ප්‍රහාරයකින් මියගිය බවයි. දිගින් දිගටම ප්‍රහාර එල්ල වූ බැවින් ඔහුගේ සිරුර ගෙන ඒම පවා අසීරු වී තිබූ අවස්ථාවේ කපිතාන් ‍හේවගේ තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනකු සමඟ සිරුර ගෙන ඒම සඳහා ගොස් ඇත.

කපිතාන්වරයා සමඟ ගිය හතුරුසිංහ නමැති හමුදා සාමාජිකයා පවසන්නේ සහෝදර සෙබළාගේ සිරුර රැගෙන ඒමට යද්දී එල්ල වූ ප්‍රහාරයකින් ඔවුන් සමඟ ගිය එක් අයකු මියගිය බවයි. කපිතාන් හේවගේ තුවාල ලැබූ බවත් කපිතාන් වරයා රැගෙන නැවත කිලෝ මීටර 15ක් පමණ පැමි‍ණි අවස්ථාවේ දී කපිතාන් මියගිය බවත් හතුරුසිංහ පවසයි. නමුත් ප්‍රහාරය දිගින් දිගටම දරුණුවීම හේතුවෙන් තමන්ට තනියම පසුබැසීමට සිදු වූ බැවින් කපිතාන්වරයාගේ මළ සිරුරු රැගෙන ඒමට නොහැකි වූ බව ද ඔහු සසඳහන් කර ඇත.

මේ වනවිට යුක්රේන හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන හතුරුසිංහ පවසන්නේ සුව වූ වහාම යුද පෙරමුණට ගොස් කපිතාන්වරයාගේ සිරුර රැගෙන එන බවයි. කපිතාන් හේවගේ සමඟ ශ්‍රී ලාංකික හමුදා සාමජාිකයන් 20ක් පමණ එහි සේවය කර ඇති අතර තවත් 70ක පමණ පිරිසක් යුද සේවයට අයදුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!