spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

පුවත්

විදෙස්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වන www .doenets .lk වෙබ් අඩවිියට පිවිස විභාග අංකය ඇතුළත කර ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි 22 වැනි දින සිට ජුනි මස01 වැනි දින දක්වා පැවැත්වුණු අතර ප්‍රතිඵල නිකුත් කිරීම 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත දෙසැම්බර් මාසය දක්වා ම ප්‍රමාද වීම විශේෂත්වයකි.

2023 සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මැයි හෝ ජුනි මාසයේ පැවැත්වෙන බව පසුගිය දා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2022 වසරට අදාළ ව සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබූ අතර ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වේ. පුද්ගලික අයදුම්කරුවෝ 110,367 විභාගයට මුහුණ දුන්හ.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද 2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!