spot_img
spot_imgspot_img

පාස්කු ප්‍රහාරය, පොලිටිකල් ගේමක්. රටේ බහුතරය කියයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය, කූඨ දේශපාලකයන්ගේ සැළැස්මක් බව රටේ බහුතරයකගේ වර්තමාන මතය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද Syndicated surveys සමීක්ෂණයකිනි.

එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ අය අතරින් 53%ක පිරිසක් පවසා ඇත්තේ 2019 වර්ෂයේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බවට විශ්වාස කරන බවයි.

සමීක්ෂණයට සහභාගීවූවන් වෙත ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව රටේ ප්‍රචලිත මත තුනක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා අතරින් වඩාත්ම එකඟවන මතය තෝරා ගැනීමට අවස්ථාව ලබාදීම සිදුවිය. එම මතයන් පහත පරිදිය.

  1. එය සිදු කරනු ලැබුවේ අන්තරායකර විදේශ බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසිනි
  2. එය දේශීය දේශපාලන බලවේග සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකීය අන්තවාදීන් විසින් සිදු කරන ලද්දකි
  3. දේශීය දේශපාලන බලවේග සහ අන්තරායකර විදේශ බලවේග යන දෙකම සමඟ කටයුතු කරන ලද   ලාංකීය අන්තවාදීන් විසින් එය සිදු කරන ලදී

53% ක් විශ්වාස කළේ දේශීය දේශපාලන බලවේග මෙයට සම්බන්ධ බවයි – මේ තුළවූ 30% ක් දෙවන පිළිතුර තෝරා ගත් අතර 23% ක් තුන්වන පිළිතුර තෝරා ගත්හ. එය දේශීය දේශපාලන බලවේගවල මැදිහත්වීමකින් තොරව සිදු කරන ලද්දක් බව විශ්වාස කළේ 8% ක් පමණි (පළමු පිළිතුර). 39%ක් වූ ඉහළ ප්‍රතිශතය කියා සිටියේ තමන්ට මේ පිළිබඳව කිසිදු මතයක් නොමැති බව හෝ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සමීක්ෂණ ක්‍රමවේදය

ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1,029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය (error margin) ±3% මට්ටමක පැවතෙන පරිදි ය.

වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සම්පාදනය කර ඇති Syndicated surveys නම් සමීක්ෂණ මෙවලම යටතේ මෙම සමීක්ෂණය සිදුකර ඇත. Syndicated surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!