spot_img
spot_imgspot_img

අවුකන පිළිමයට සිවුරු පෙරවූ, හොර දොස්තර සහ භික්ෂුව දැන් කියන කතා

පුවත්

විදෙස්

පුරාවිද්‍යා ස්මාරකයක් වන අවුකන ප්‍රතිමාවේ පෙනුමට හානිවන ආකාරයෙන් සිවුරු පොරවා එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු යැයි අවුකන රජමහා විහාරයේ විහාරාධිපති කීව ද ඔහු එවැනි විශේෂඥ වෛද්‍යවරයකු නොව ගුප්ත විශ්වාසයන් මත විවිධ ප්‍රතිකාර සිදුකරන බව කියන අයකුයැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

එමෙන් ම විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති පවසන්නේ මෙම සිවුර පිළිමයට පළදවන අවස්ථාවේ දී පුරාවිද්‍යා නිලධාරීන් කිහිප දෙනකු ද එය නිරීක්ෂණය කළ බවයි. නමුත් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එම දෙපාර්තමේන්තුවේ බලධාරීන් ප්‍රකාශ කළේ එවැනි කාර්යයක් පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම ආකාරයකින් දැනුම්වත් කර නොතිබූ බැවින් එවැනි නිරීක්ෂණයක් සිදු නොකළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ද විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති ඇතුළු පිරිස අවුකන පිළිමයට සිවුරු ඇන්දවීමෙන් කර ඇති වරද ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවිය හැකි වරදක් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවුකන රජමහා විහාරයේ විහාරාධිපති පවසන්නේ කඨින චීවර පූජාවක් ලෙස මෙම ක්‍රියාව සිදුකළ බවයි. එ් සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වන ලියොන් අමරනන්ද ඇතුළලු බුද්ධිමතුන් 50ක පමණ පිරිසක් සහභාගී වූ බව ද ශබ්ද පූජා පවත්වා උත්සවාකාරයෙන් මේ පූජාව කළ බව ද විහාරාධිපති කීවේය.

නමුත් විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායක facebook සටහනක් තබමින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් අතර අවුකන විහාරාධිපති පවසන ආකාරයේ ලියෝන් අමරනන්ද නමින් වෛද්‍යවරයකු නොමැති බවයි.

මෙවැනි නමක් පිළිබඳ සොයා බැලීමේ දී Dr. Leon Amarananda’s journey (Sri Lanka ) නමැති facebook  ගිනුමක් හමුවේ. එම ගිනුමේ ඇති පින්තූරය පහතින් පළකර ඇත. අවුකන පිළිමය අසළ සිදුකෙරුණු පූජාව අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූප අතර ද ඔහු දක්නට ලැබෙයි.

මෙම පුද්ගලයා පිළිබඳ සාකච්ඡා කිරීමේදී පෙනී ගියේ ඔහු වත්තල, බංගලාවත්ත පාර, සර්කියුලර් පාර අංක 12 ස්ථානයේ පදිංචි බවයි. එමෙන් ම දුරකථන අංකය 077 855 2499 ඔහු භාවිතා කරන බව ද දැනගන්නට ඇත. මෙම තොරතුරු ලබා දී ඇත්තේ Dr. Leon Amarananda’s journey (Sri Lanka ) යන facebook ගිනුමට පණිවිඩයක් යොමුකරමින් ඔහු සම්බන්ධ කරගත හැකි ආකාරයක් පිළිබඳ විමසූ පුද්ගලයකුට ප්‍රතිචාර දක්වන අරුණ කමල්සිරි නමැති අයකු විසිනි.

මෙම තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ සිවුරු පූජාව කළා යැයි කියන තැනැත්තා අවුකන රජමහා විහාරාධිපති පවසන ආකාරයේ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බවයි. ඔහු පෙනී සිටින්නේ වෙදැදුරකු ලෙසිනි. තවත් අවස්ථාවක දී ඔහු තමන් ආචාර්ය උපාධියක් සහිත තැනැත්තකු බව මෙල්බර්න් ගුවන්විදුලි නාලිකාවකට හඳුන්වා දී ඇත.

ඔහු පවසා ඇත්තේ තමන් විශ්ව බලයෙන්, චිත්ත බලයෙන් සහ භාවනාවෙන් ඕනෑම රෝගයක් සුවකරන අයකු බවයි. මාධ්‍යවේදියා නමැති සමාජ මාධ්‍ය පිටුවක ඇති හඬපටයක ඔහු තමන් හඳුන්වන්නේ විශේෂඥ මහාචාර්යවරයකු වශයෙනි.

මේ සියලු හඳුන්වාදීම් අනුව තහවරු වන්නේ ඔහු මේ කිසිම සුදුසුකමක් නැති වංචාකාරයකු ලෙසින් බව ව්‍යෛ වෘත්තිකයෝ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු ද කියති.

අනුන් ඇන්දවීමේ, නොමඟ යැවීමේ නිරත අයකු අවුකන රජමහා විහාරාධිපති ද රවටා ඇතැයි මේ අනුව සැකයක් පවතී.

මේ අතර ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් ද දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

“මං අවුකන පිලිමයට සිවුරු පොරවා වරදක් කලේ නෑ.. ජනතාව සාදුකාර දුන්නා අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා. මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ. ඒ නිසා මම බොහෝම ගෞරවයෙන් කඨික සිවුරක් සකස් කර පෝයදා පූජා කළේ එදා අවුකන පිළිමය වන්දනාමාන කරන්න ආපු බැතිමතුන් ජිවමාන බුදුන් දැක්කා හා සමානයි කියා වන්දනාමාන කළා. සිවුර පොරවා පැය භාගයෙන් ඉවත් කරන්න තිබුණත් බැතිමතුන්ට වන්දනා මාන කරන්නයි පැය තුනක් තියන්න සිද්ධ වුණේ. මම කිසිදු වරදක් කරලා නැහැ.”

ඔහු පවසන්නේ මේ දක්වා ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් නොකළ බවයි.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. තමන්ට ආරක්ෂාව ලබා නොදුන් බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට ඉඩ ඉල්ලූ බවත් ඔහු කියයි.

පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුවට අනුව අවුකන් රජමහා විහාරාධිපති හිමියන්ගේ මෙහෙයවීමෙන් ව්‍යාජ වෛද්‍යවරයකු විසින් කර ඇති ක්‍රියාව නීතිය ඉදිරියේ වරදක් බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස ජනතාව අවධානයෙන් සිටින බව සිහිපත් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!