1.4 C
New York

චීනයෙන් ආ තවත් ලෙඩක්, රට පුරාම පැතිරෙයි ?

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් මේ දිනවල වාර්තාවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝගී තත්වය චීනයෙන් වාර්තා වූ සෙම්ප්‍රතිශ්‍යා තත්වයකට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දන ජීවන්දර පවසයි.

ඔහු පවසන්නේ මෙය වයිසර කිහිපයක එකතුවක් බවයි.

කෙසේවෙතත් චීනය තුල වියාප්තවන නියුමෝනියා තත්ත්වය මෙරට තුළ වියාප්ත වුවහොත් එය හඳුනා ගැනීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර රටතුළ පවතින බවත් වෛරසය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැති බවත් මහාචාර්යවරයා කීවේය.

උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්වයක් පසුගිය 21 වනදා වාර්තා වී ඇති අතර, රෝගී වූ දරුවන් ඇතුළු පුද්ගලයන් රැසක් රෝහල් ගතකර ඇතැයි ද වාර්තා වේ.

වියාප්ත වෙමින් පවතින නව රෝගී තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීන රජයට දැනුම් දී ඇත. 

Related articles

Recent articles

spot_img