spot_img
spot_imgspot_img

ගෘහ මූලික කාන්තාවන් ගැන, රජය දන්නේ නෑ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ලේඛන ලබාගත හැක්කේ ජනලේඛන හා සංඛ්‍යාලේඛකන දෙපාර්තමේන්තුව මගින් බවත් අමාත්‍ය ගීතා කුමාරසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

ඇය මේ බව කියා සිටියේ ජගත් කුමාර සුමිත්‍රාරච්චි විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහි දී ගීතා කුමාරසිංහ කියා සිටියේ ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් සංඛ්‍යාව 1,638,049ක් බවයි. එවැනි කාන්තාවන් සෙවීම සඳහා තම අමාත්‍යාංශයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙතින් පවා මේ දත්ත ලබාගැනීමට අපහසු වී ඇතැයි ද ඇය කීවාය.

අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ කීවාය.

“ස්වාමියා මියගිය අතහැර ගිය පවුල් ඒකකවලට අදාළ සංඛ්‍යාලේඛන ලබා ගැනීමක් සංගණනයක් අමාත්‍යාංශය මගින් කරලා නැහැ. ජජජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවා මේ සඳහා නිශ්චිතව පිළිතුරක් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා කියා මා හිතනවා. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය හැටියට මම විශ්වාස කරනවා ඉතා ඉක්මණින් එම සංඛ්‍යා දත්ත සැකසිය යුතුයි කියා. ඒ සඳහා සංගණනයක් කළ යුතුයි. අපි දැනගත යුතුයි එවැනි කාන්තවන්, පවුල් ඒකක කොපඹණ ප්‍රමාණයක් ඉන්නවා ද කියලා. එම සංඛ්‍යා ඉදිරිපත් කරන්න නොහැකි වීම ගැන මම පුද්ගලිකව කණගාටු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!