spot_img
spot_imgspot_img

විදුලි ලොක්කියක, සපත්තු හා බෑග් බිලත් විදුලි බල මණ්ඩල‍ේට දාලා

පුවත්

විදෙස්

විදේශ සංචාරයක් සඳහා සහභාගීවන ඉහළ නිලධාරිනියගේ පුද්ගලික පරිහරණය සඳහා මිල දී ගත් සපත්තු කුට්ටමකට සහ ගමන් මල්ලකට රුපියල් 63,000.00ක මුදලක් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසයි.

මෙම ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පවත්වන ලෙස විදුලි බල මණ්ඩලයේ විගණන අංශයට දැනුම් දී තිබේ. ප්‍රංශයේ පැවැත්වෙ වැඩසටහනකට සහභාගී වීම සඳහා යාමේ දී සපත්තු කුට්ටමක් සඳහා රුපියල් 35,000.00ක් සහ ගමන් බෑගයකට රුපියල් 28,000.00ක් ලෙස විදුලි බල මණ්ඩලයෙන් අදාල සැපයුම්කරුවන්ට ගෙවන  ලෙස නිලධාරිනිය දැනුම් දී තිබිණි.  

විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව සේවකයෝ චෝදනා කරති.

මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත තැනැත්තියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!