spot_img
spot_imgspot_img

අපිට ඉන්නෙ අපි විතරයි

පුවත්

විදෙස්

“අපිට ඉන්නෙ අපි විතරයි” යන තේමාව යටතේ සංහිදායවේ මනුසත්කාරය වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන පසුගිය 16 වැනි දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා සර්ව ආගමික පූජකවරුන් සහභාගී වූ අතර සියලු භේද පසෙකලා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරන ජන සමාජයක් ගොඩනැගීමට දායකත්වය සැපයීම එහි අරමුණ වී තිබේ.

මෙය ඉදිරියේ දී ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංහිඳියා වැඩසටහන් මාලාවක ආරම්භක වැඩසටහනයි.

දුප්පත් – පොහොසත්, උගත් – නූගත්, උස් – මිටි, ගැහැනු – පිරිමි වැනි විවිධ වෙනස්කම් හෝ ජාති, කුල-මල, ආගම් ඇතුළු වාර්ගික භේද නොසලකා මිනිස්කම නමැති එකම හැඟීමෙන් බැඳී අප සැමවිටම කටයුතු කළ යුතු බව සියලු ආගමික නියෝජිතයින්ගේ අදහස්වලින් කියැවිණි.

සිතුම් පැතුම්, හැඟීම් දැනීම් සහ ආකල්ප විකල්ප වැනි විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් එකිනෙකා අතර කොපමණ විෂමතා තිබිය හැකි වුවද, අප සියල්ලන් මනුෂ්‍යයින්ය යන පදනමෙහි පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත් වන බවද, කිසියම් ජන සමාජයක සාමූහිකව ජීවත් වන පිරිසක් ලෙස අප සියල්ලන් අතර අන්‍යොන්‍ය අවබෝධය, එකිනෙකාට ගරුකිරීම සහ පරෝපකාරී අන්තර් සබඳතා පවත්වා ගත යුතු වන්නේද උතුම් මනුසත්කම් සහ ගුණ යහපත්කම් පදනම් කර ගනිමින් වන බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

සමාජයක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන සාමූහික සහජීවනය මඟින් වඩාත් ඵලදායී අනාගතයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බවද ඔවුන් විසින් පෙන්වාදෙනු ලැබිණි.

එහි දී අදහස් දැක්වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ, සැබැවින්ම, මනුසත්කමෙන් සහ සහෝදරාත්මක හැඟීමෙන් බැඳී සිටින ජන සමූහයකට ඕනෑම අභියෝගයක් ජයගැනීමේ හැකියාවද ඇති බවයි.

“කවර තත්ත්වයක් යටතේ වුවද අප එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ අපම පමණයි. දුකක් කරදරයක්, ලෙඩක් දුකක් හෝ හදිසි අනතුරක් සිදු වූ විටෙක දී සැමවිටම පිහිටට එන්නේ අප සමඟ ජීවත් වන සහෝදර ජනතාවමයි. අන් සියලු කරුණුවලට වඩා මතු වන්නේ මනුසත්කම නමැති උදාර ගුණාංගය බව පැහැදිලියි.” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මෙය වඩා යහපත් හෙට දවසක් උදෙසා වූ සමස්ත ශ්‍රී ලාංකික ජනතා බලාපොරොත්තු ඉටුකරලීමට සුවිසල් දායකත්වයක් සපයනු ඇතැයි යන්න මේ වැඩසටහනට සහභාගී වූ සියලු ආගමික නියෝජිතයන්ගේ අදහස විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!