spot_img
spot_imgspot_img

කෝප් කමිටු සභාපති, ඉවත්කරන්න යැයි ඉල්ලීමක්

පුවත්

විදෙස්

කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා එම තනතුරින් ඉවත්කර ඊට සුදුසු වෙනත් පුද්ගලයකු පත්කරන්න යැයි ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට පැවරී ඇති මූල්‍ය පාලන වගකීම නිසි අයුරින් ඉටු නොවන බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එමගින්  ජනතා පරමාධිපත්‍යය පිළිබඳ බලය හෑල්ලුවට ලක්වන හෙයින් කෝප් කමිටු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන සටහන්වල ප්‍රමුඛතාව සහ වැදගත්කම නොසළකා හරිමින් වැදගත් නොවන කරුණු සඳහා විශාල කාලයක් වැය කිරීමෙන් විමර්ශනය කළ යුතු කරුණු පිළිබඳ නිශ්චිත නිර්දේශයක් හෝ මාර්ගෝපදේශ ලබා දීම මඟහැරීම විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩලයවලට හස්ථ ම්‍රදාවෙන් උපදෙස් ලබා දීම, කෝප් කමිටු පැවැත්වීමට පෙර ඉදිරිපත්වන කරුණු සම්බන්ධව වටහා ගැනීම සඳහා පූර්ව කෝප් කමිටු රැස්වීම නොපැවැත්වීම හේතුවෙන් එම කමිටුවේ අරමුණු ඉටු නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!