spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ජයගත නොහැකි කණ්ඩායමක් වෙයි

පුවත්

විදෙස්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී අද (06) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් කඩුලු 03ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසිය නොහැකි කණ්ඩායමක් බවට පත්විය. එම වටයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව අද තරඟය සහ නවසීලන්තය අතර තරඟය යන තරඟ දෙකම ජයගෙන අනෙක් කණඩායම් තරඟ ජයගන්නා ආකාරය  අනුව සිය ඉරණම විසඳාගත හැකි තත්වයක පසුවිය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාා කණ්ඩායම පන්දුවාර 49.3ක දී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 279ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවේන අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105ක දී ලකුණු 108ක් ලබාගත් අතර එය මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්කළ ප්‍රථම ශතකයයි.

පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රම ලකුණු 41 බැගින් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 34ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු  21ක් රැස් කළහ.

ලකුණු 280ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41.1ක දී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 282ක් ලබමින් සිය ජයග්‍රහණය තහවරු කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ නායක  Shakib Al Hasan පන්දු 65කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 82ක් රැස්කළේය.

Najmul Hossain Shanto ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 90ක් රැස්කරගත්තේ පන්දු 101කදී හතරේ පහර 12ක සමගිනි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 69කට කදුළු 3ක් දවාගැනීමට සමත්විය.

එසේම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ තැන නැවත හිමිකරගැනීමට ඩිල්ශාන් සමත්විය.

ඒ මේ දක්වා කඩුලු 21ක් ලබාගිනිමිනි.

මහීෂ් තීක්ෂණ සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!