spot_img
spot_imgspot_img

“අත් දෙකම ගැටගහලා” – ජනාධිපති දුක කියමින් අයවැය රහස් එළියට දෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැයෙන් 55%ක් ම වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) කොළඹ නෙළුමු පොකුණේ පැවැති ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළලේ දී ය.

මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ ඉතාමත් අසීරු තත්වයකින් බවත්,  ණය ගෙවීමට කල් ලැබුණත් ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජයට ශක්තියක් තිබේ ද කියා ණය දුන් රටවල් සහ බැංකු සොයා බලන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු පවසන්නේ මෙවර අයවැයිවෙන් ණයකරුවන්ගේ විශ්වාසය දිනාගැනීමට සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් ඉදිරි අයවැයෙන් ණය පොලී ගෙවීමට විශාල කොටසක් වෙන් කිරීමට සිදුව ඇති බවත් එය 55%ක් බවත් හෙතෙම කීවේය.

“අපිට ලබන අයවැයෙන් රුපියල් බිලියන 2,500ක ණය පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා. රුපියලේ වටිනාකම ආරක්ෂා කරගෙන ගෙවි යුතුයි. අපිට සල්ලි මුද්‍රණය කරන්න බැහැ. ඒ වගේ ම රුපියල වැටෙන්න දෙන්නත් බැහැ, බැංකුවලින් ණය ගන්නත් බැහැ. අත් දෙකම බැඳලා දාලා. එහෙම තිබිය දී අපි මේක ගෙවන්න වෙනවා. වැට් බද්ද 18%ක් දක්වා වැඩි කරන්න වුණා. ඡන්දයක් ළඟ තිබුණා කියා මේවා නොකෙරුවොත් සියලු දෙනාගේම අනාගතය ඉවරයි.” යනුවෙන් ද ජනාධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!