spot_img
spot_imgspot_img

ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද ? ඥාතීන්ට කිසිවක් කිව නොහැකියි

පුවත්

විදෙස්

ආන්දෝලනාත්මක මරණයක් බවට පත් වූ ව්‍යාපාරික දිනේෂ් ෂෆ්ටර් මියගියේ ඝාතනයකින් ද ? නැතිනම්, සියදිවි නසාගැනීම හේතුවෙන් ද යන්න හෙට (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කිරීමට නියමිතය.

එම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දෝෂ පවතින බවත් මෙම මරණය ඝාතනයක් බවට සැකයක් ඇති බවත් දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ අධිකරණයට කරුණු කීමෙන් පසු එම සිරුර යළි‍ ‍ගොඩගෙන පූර්ණ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් සකස් කිරීමට විශේෂඥ අධිකරණ්‍ය වෛද්‍ය කමිටුවක් පත්කරන ලදී.

එම කමිටුවේ නිර්දේශය මත දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩට ගෙන පරීක්ෂණ සිදුකරන ලදී.

ඒ සම්බන්ධ වාර්තාව අද (31) එම කමිටුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙත මුද්‍රා තබා බාර දෙන ලදී. එම වාර්තාව බාරගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ හෙට (01) දිනයේ මරණයට හේතුව දැක්වෙන තීරණය අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර ෂාෆ්ටර්ගේ ඥාතීන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් එම මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් කරුණු දැක්වීමට ද අවස්ථාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අධිකරණය දන්වා සිටියේ එවැනි ප්‍රතිපාදනයක් නීතියේ නොමැති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ වාර්තාව සකස් කර ඇති බැවින් මේ දක්වා ම කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති ෂාෆ්ටර්ගේ මළ සිරුර ජාවත්ත සුසාන භූමියේ මිහිදන් කිරීමට පහසුකම් සළස්වන්න යැයි ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල රාජකාරී තිබිය දී අධිකරණ නි‍යෝගයට අනුව නැවත මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් පිළියෙල කිරීම සම්බන්ධයෙන් ස්තූති කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!