spot_img
spot_imgspot_img

අම්පාර දිසාපති, කාර්යාල අඩස්සියේ

පුවත්

විදෙස්

උප කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කරන්න යැයි බලකරමින් අම්පාර දිසාපතිවරයා අද (19) කල්මුණේ උතුර ප්‍රාදේශීය උප ලේකම් කාර්යාලයේ දී කාර්යාලය අඩස්සියට පත්කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

ඔවුන් පවසන්නේ කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන ගියත් එය උපකර්යාලයක් බැවින් නිසි පරිදි සේවාවන් ලබාගත නොහැකි බවිය. එහි දැනට ගණකාධිකාරීවරයෙක් නොමැති බවත් මුදල් පාලනය කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරයි. එම ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කරමින් කටයුතු කරන බව ද ජනතාව දිසාපතිවරයා කීවේය.

මේ හේතුවෙන් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් සම්පත් බෙදී යාමේ දී ද සාධාරණය ඉටු නොවන්නේ යැයි ද ඔවුහු කියති.

එබැවින් කල්මුණ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිසි පරිදි ස්ථාපිත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදෙන තුරු දිසාපතිවරයාට එම කාර්යාලයේ පැය තුනකට අධික කාලයක් සිරවී සිටීමට සිදුවිය.

ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!