පාසල් සිසුවකුට හානි සිදුකරමින්, නාවින්න විජේරාම ප්‍රදේශයේ දී කඩා වැටී ඇත්තේ ගායක ප්‍රියා සූරියසේනට අයත් නිවසේ අබලන්ව තිබූ තාප්පය බව පොලිසිය සඳහන් කරයි.
මෙම තාප්පය අබලන් බැවින් අනතුරක් ඉවත්වීමට පෙර එය ඉවත්කරන ලෙසත් ඔහුට කිහිප වතාවක් දැනුම් දී තිබූ බව පාසලේ විදුහල්පතිවරයා පවසයි. නමුත් ඔහු ඒ බව නොතකා ක්‍රියාකිරීම හේතුවෙන් ග්‍රාම නිලධාරීවරයා මගින්ද දැනුම්වත් කළ බව විදුහල්පතිවරයා පවසා තිබේ.
නාවින්නේ, විජේරාම ප්‍රදේයේ මෙම නිවස පිහිටා ඇති අතර ඊට යාබදව පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිළියක් මතට තාප්පය කඩා වැටී තිබේ. එම අවස්ථාවේ 09 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණි.
රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ එම දරුවාගේ කොඳුඇට පෙළට හානියක් සිදුවේ ද යන්න පිළිබඳ පරීක්ෂා කරන බවයි.