spot_img
spot_img

DSI අධිකරණයට අපහාස කරලා ? අධ්‍යක්ෂ මණ්ඩලයම උසාවි කැදවයි

පුවත්

විදෙස්

DSI සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර සිටි සජිත රාජපක්ෂ නැවතත් එම ධූරයේ පිහිටුවන ලෙසට අධිකරණයෙන් ලත් නියෝගයට පටහැනිව ක්‍රියාකරමින් අධිකරණයට අපහාස කළ බව කියන එම සමූහයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ගොනුකළ නඩුව නොවැම්බර් 20 වැනිදා කැදවීමට කොළඹ වානිජ අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව DSI සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් වන සජිත රාජපක්ෂ විසින් මෙම නඩුව ගොණුකර තිබුණි.

පසුගිය දා කතාබහට ලක් වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සජිත රාජපක්ෂ බන්ධනාගාර ගත කර සිටි අතර එකී කාල සීමාව තුළදී ඉහත නම් සදහන් පාර්ශවය විසින් සජිත රාජපක්ෂ එම තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කළ බවට අධිකරණයට වාර්තා විය.

කෙසෙවෙතත් DSI සමාගමේ අර්බුදකාරී තත්වයට හේතු වී ඇත්තේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් කළ සමාගමේ ලාභය සමානව පවුලේ සාමාජිකයින් වෙත බෙදාගැනීමේ යෝජනාවක් බව පැවසේ.

මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමූහ ව්‍යාපාරයන් අතරින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ පුත්‍රයන් විසින්ය.

හදිස්සියේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් කෙරුණු සජිත එම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම මෙහයවනු ලැබුවේ, සජිත් රාජපක්ෂ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!