spot_img
spot_imgspot_img

ආයතනයේ දී, සේවිකාවකට පහරදුන් යුවළ අත්අඩංගුවට

පුවත්

විදෙස්

KD Express නමැති, ඔන්ලයින් භාණ්ඩ අළෙවි ආයතනයක් තුළ දී සේවිකාවකට අමානුෂික ලෙස පහර දුන් එම ආයතනයේ හිමිකාර යුවළ අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.

කඳාන පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ, ආනියාකන්ද පාරේ මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇත.

එහි සේවිකාවකට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ (14) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ‍ආරක්ෂක අමාත්‍යාංශයේ 118 හදිසි ඇමතුම් අංශයට ද ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබිණි.

පොලිසිය පවසන්නේ ඊයේ (14) රාත්‍රී නාගොඩ, ලිප්ටන් පාර ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන, නාගෙඩ පදිංචි 36 හැවිරිදි අඹුසැමි යුවළකි.

ඔවුන් දෙදෙනා විසින් පහර දී ඇත්තේ ඔවුන්ගේ ආයතනයේ ම සේවය කළ ඉතා සමීප ඥාති තරුණියකට බව ද අනාවරණය වී ඇත. පොලිසිය සඳහන් කරන්නේ පහරකෑමට ලක් වූ තරුණිය වසර තුනක පමණ කාලයක් මෙම ආයතනයේ හිමිකාර යුවළගේ නිවසේ නැවතී සිටිමින් එම ආයතනයේ සේවය කර ඇති බවයි.

සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ඇය විසින් පොලීසියට පැමිණිලි කර නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක්වූ තරුණිය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!