spot_img
spot_imgspot_img

අධිවේගී මාර්ගය හදන්න කල් යන ලකුණු

පුවත්

විදෙස්

කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම සහ ඉමදුම පිවිසුම අතර කොටසේ මංතීරු සියල්ල විවෘත කිරීම තවත් කාලයක් ප්‍රමාද වනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම මංතීරු විවෘත කිරීමට පෙර කඩා වැටුණු කඳු කොටස යළි ස්ථාවර කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසා තිබේ.  මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අයි.වී.එස්.වීරකෝන් කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමඟ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බවයි.

කොළඹ සිට මාතර දෙසට දිවෙන වම්පස ඇති මංතීරු දෙක පමණක් මේ වනවිට විවෘත කර තිබේ. එහි එක් තීරුවක මාතර දෙසටත් අනෙක් මංතීරුවේ කොළඹ දෙසටත් වාහන ධාවනය කිරීම ආරම්භ කර තිබේ. නමුත් මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරු දෙක තවමත් වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!