පොඩිකාලෙ වත් මට තේරුම් ගන්න බැරුව හිටපු එක දෙයක් තමයි ඇයි සුපර්මෑන් උඩ ඇඳුම් ලස්සනට ඇඳල ඊට පිටින් යට ඇඳුම් අඳින්නෙ කියල.
ඒ කාලෙ අපිට හිටපු ලොකුම වීරය එයානෙ.
සමහර කොල්ලො එයා වගේ වෙන්න පිටේ බෙඩ්ෂීට් අරව මේව ගැටගහගෙන උස තැන් වලින් පැනල අතපය කඩාගත්ත විත්තිත් එහෙන් මෙහෙන් ඇහුන එ දවස්වල.
අපිට ඒ තරං ගටක් තිබුණෙ නැති වුනාට ඕන නං මේ විදියට සුපර්මෑන්ට සමාන වෙන්න තිබ්බ, ඒ කාලෙ දිග කලිසම මේ වගෙ සුලබ වුනා නං.
පහු වෙනකොට බැට්මෑන්ල ස්පයිඩර් මෑන්ල හමු වෙනකොට අපිට තේරුණා ඉන්න එකම සුපිරි වීරය සුපර්මෑන් විතරක් නෙවෙයි කියල.
හැබැයි ඒ කවුරු ආවත් ඒ හැමෝගෙම පොදු ලක්ෂණයක් තිබ්බ.
ඒ අර කිවුව එක.
ඒ කිවුවෙ පස්සෙ අඳින්න ඕන ඇඳුම මුලින් ඇඳල ඉස්සෙල්ල අඳින්න ඕන එක පස්සෙ අඳින එක.
මට කාලයක් යනකල් සැකයක් තිබුණ සුපිරි වීරයෙකුයි අපි වගෙ ජහුටං පොරවල් වලයි වෙනස තියෙන්නෙ අපි දේවල් කරන අනුපිළිවෙල වරද්දගෙන තියෙන එක මතද කියල.
දැං ඒක කවදාවත් නැති තරම් මගෙ හිතට තහවුරු වෙලා තියෙන්නෙ.
සුපිරි වීරයො ඒ විදියම තමා.
එයාල මුලින් කරන්න තිබ්බ දේවල් නිතරම පස්සෙ කරන්න ඉතිරි කරගෙන පස්සෙ කරන්න ඕන දේවල් මුලින් කරනව.
ඒ නිසයි එයාලයි අපියි වෙනස් වෙන්නෙ.
ලෙඩ්ඩු සීමිත ගණනක් ඉඳිත්දි ඕන දිහාක ඇවිදින්න දීල පළාතක් පිරෙන්න බෝවුනාම සංචරණය සීමා කරනකොට අපි දැනගන්න ඕන මේක මේ සාමාන්‍ය අපි වගෙ උන්ට නොතේරුණාට ඒ විදියට තමයි සුපිරි වීරයො හැසිරෙන්නෙ කියන එක.
ඉන්ද්‍රජිත් කොහොඹන් විසින් සිය Facebook ගිනුමේ තැබූ සටහනකි