spot_img
spot_imgspot_img

කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කරයි

පුවත්

විදෙස්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර පුහුණ මධ්‍යස්ථානයේ සහ කම්කරු අධ්‍යයන ආයතනය එක්ව පවත්වන සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (11) දින කොළඹ 03 Movenpick හෝටලයේ පැවැත්විණි.

මෙම ඩිප්ලෝමා වැඩසටහන විදේශ රැකියා අමාත්‍යංශයේ, යුරෝපා කොමිසමේ, ග්ලෝබල් ඩීල් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්බන්ධීකරණයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබයි.

එමගින් සමාජ සංවාද සහ කම්කරු සබඳතා යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ රජයේ සහ සමාජ හවුල්කරුවන්ගේ ධාරිතාව වර්ධනය කිරීම  අපේක්ෂිතය.

මෙම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා සිම්රින් සින් අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කෙරිණි.

සමාරම්භ උත්සවයේදී පැමිණි සිටි පිරිස අමතමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ කීවේය.

“ලොව පුරා මෙන්ම අපේ රටේ ද කම්කරු සබඳතා හැඩගැස්වීමේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉටු කරන ලද කාර්යභාරයට විශේෂ පිළිගැනීමක් ලැබිය යුතුයි. යහපත් වැඩ පරිසරයක් සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලබාදෙන හවුල්කාරිත්වයට අපි බෙහෙවින් කෘතඥ වෙනවා. අද ලෝකය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අප වැඩ කරන ආකාරය, සේවා යෝජක-සේවක සබඳතාවල ගතිකත්වය සහ සේවා ස්ථානයේ තත්ත්වයන් විශාල වෙනස්කම්වලට භාජනය වෙමින් පවතිනවා. මෙම වෙනස්වන තත්ත්වය තුල, ඵලදායී සමාජ සංවාදයක සහ ශක්තිමත් කම්කරු සබඳතාවල අවශ්‍යතාවය අත්‍යවශ්‍ය පමණක් නොව ප්‍රමුඛ වී තිබෙනවා. කම්කරු සබඳතා වල පවතින ඇතැම් සංකීර්ණ තත්ත්වයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබද ඩිප්ලෝමාවට සහභාගිවන්නන් හට අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සලසනවා. මෙම වැඩසටහන මගින් මර්ග ගත, මෙන්ම ප්‍රයෝගික අත්දැකීම් ඇතුළුව පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සහතික කරනවා.”

මෙම අවස්ථාවට යුරෝපියානු සංගමයේ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙස්ගේ,  සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර ඇල්ලේපොල, ලංකා කම්කරු කොංග්‍රසයේ කේ. මරිමුත්තු යන අය ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!