spot_img
spot_imgspot_img

වසර 128ක් මල් ශාලාවක තිබූ සිරුර මිහිදන් කරයි

පුවත්

විදෙස්

අනන්‍යතාව හඳුනාගත නොහැකිව මියගොස් “ගල් මිනිසා” යනුවෙන් විරුදාවලිය ලබා වසර 128් මල් ශාලාවක තැන්පත් කර තිබූ මළ සිරුරක් පසුගිය දා මිහිදන් කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පෙනිසිල්වේනියාවේ මල් ශාලාවක මේ සිරුර මමී ආකාරයෙන් තැන්පත් කර තිබී ඇත. ඔහුගේ  සිරුර ඝන වී තිබූ බැවින් එය හඳුන්වා ඇත්තේ ගල් මිනිසා (Stoneman) යනුවෙනි.

පෙනිසිල්වේනියාවේ බන්ධනාගාරයක් තුළ 1895 වර්ෂයේ දී ඔහු මියගොස් ඇති අතර එතෙක් ඔහු පෙනී සිට ඇත්තේ ව්‍යාජ නමකිනි. ඔහුගේ අනන්‍යතාව තහවරු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම සිරුර මිහිදන් කර තිබුණේ නැත.

ඔහුගේ සැබෑ නම ජේම්ස් මර්ෆි ලෙස හඳුනාගැනීමෙන් පසු එම මළසිරුර  පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ සුසාන භූමියක මිහිදන් කිරීමට කටයුතු කර ඇත.

එම සොහොන් ගලෙහි ‘Stoneman Willie’ ලෙස විශාල අකුරෙන් කැටයම් කර තිබූ අතර ඔහුගේ නිවැරදි නම ඊට පහළින් කුඩා අකුරෙන් කැටයම් කර තිබේ.

ජේම්ස් මර්ෆි අයර්ලන්ත සම්භවයක් ඇති අයකු බවත් ඔහු අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටි අයකු බවත් හඳුනාගෙන ඇත. එම තැනැත්තා 1895 නොවැම්බර් 19 වනදා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සිරගෙදර දී මිය ගොස් ඇත. මියයන විට 37 හැවිරිදි වියේ පසු ඔහු සිරගත කර ඇත්තේ ගැට කපන්නෙකු බවට චෝදනා එල්ල වීමෙන් පසුවය.

ඔහුගේ පියා අයර්ලන්තයේ ධනවත් පුද්ගලයෙකු බවත් පියාට ලැජ්ජා කිරීමට අකමැති වූ බැවින් මෙලෙස ව්‍යාජ නමක් නිලධාරීන්ට ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!