spot_img

කොළඹ ගස් බලන්න ගෙනා, ලක්ෂ 74 මැෂිම දිරලා

පුවත්

විදෙස්

කොළඹ මහ නගර සභා සීමාවේ ඇති ගස්වල තත්වය පරීක්ෂා කිරීමට ‍රුපියල් ලක්ෂ 74ක් ගෙවා මිල දි ගත් (Tree scanner) යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන දිරාපත්ව ඇත.

මෙම යන්ත්‍රය යොදාගෙන ගස් පරීක්ෂා කිරීමෙන් ගසේ ස්ථාවර බව, එහි ඇති දිරුම් මෙන් ම ගසේ ආයු කාලය ද තීරණය කළ හැකි බව පැවසේ. කෙසේ වෙතත් මෙම යන්ත්‍රය දිරායන්නට ඉඩහැර ඇත්තේ යන්ත්‍රයේ දත්ත විශ්ලේෂණය කර තීරණයක් ගැනීමට සුදුසු නිලධාරියකු නොමැතිවීම හේතුවෙන් යැයි නගර සභාවේ ප්‍රකාශකයකු කීවේය.

පසුගිය සිකුරාදා (06) බසයක් මතට ගසක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගිය අතර එම ස්ථානයේ මිනිස් ක්‍රියාකාරකම් සහ අධික වර්ෂාව නිසා ගස ඉගිල්ලී වැටී ඇතැයි මූලික පරීක්ෂණවලින් තහවරු වී ඇත.

නමුත් මේ වනවිට කොළඹ මහ නගර සභාව කොළඹ නගරයේ ඇති ගස් කිසිදු පරීක්ෂා කිරීමකින් හෝ වගවිභාගයකින් තොරව ඉවත් කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles