9.8 C
New York

මගීන් කම්බස් කරන, බස්වලට පොලිසිය එරෙහි වෙයි

Published:

අමතර උපාංග සවිකරමින් අනතුරුදායක ලෙස මගී ප්‍රවාහනය සඳහා යොදාගත් බස් රථ 58ක් සහ ඒවායේ හිමිකරුවන් පොලිස් රථවාහන කොට්ඨාසයට කැඳවා දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

මෙලෙස කැඳවා ඇත්තේ විවිධ උපාංග සවිකරමින්, විවිධ වර්ණ ගන්වා “දම් රැජින”, “දුඹුරු ලමිස්සී”, “රෝස සමනලී” වැනි නම්වලින් හැඳින්වූ බස් රථ ඇතුළු කිහිපයකි.

ඇතැම් බස්රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටස් පවා සවිකර තිබූ බව පොලිසිය පවසයි. බස් රථ කිහිපයක් සමාජ ශාලා ආකාරයෙන් සකසා තිබූ බව ද අනාවරණය වී ඇත.

මේ අතර පොලිස් රථවාහන කොට්ඨාශය පවසන්නේ නීතිව්රෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Related articles

Recent articles

spot_img