spot_img
spot_imgspot_img

ලාදුරු හැමතැන ම, ගම්පහ, මඩකලපුව, ගාල්ල, කොළඹ රෝගීන් බහුලයි

පුවත්

විදෙස්

මෙම වර්ෂයේ ගත වූ මාස කිහිපයේ දී පමණක් ලාදුරු රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වී ඇතැයි ලාදුරු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගීන් හමු වී ඇත්තේ ගෙයින් ගෙට ගොස් කරන ලද පරීක්ෂණවලින් බවයි.

වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයෙනි. මේ වනවිට එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සෑම නිවසකටම ගොස් ලාදුරු සඳහා පරීක්ෂාකිරීම් සිදුකිරීමට කටයුතු කර ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්පහ, මඩකලපුව, ගාල්ල, කොළඹ ප්‍රදේශවල ද ලාදුරු සීඝ්‍රයෙන් පැතිරයන බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

වෛද්‍ය රණවීර පවසන්නේ ලාදුරු සඳහා නිසි ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය පැතිරීම පාලනය කළ හැකි බැවින් මේ වනවිට ලාදුරු මර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාකාරකම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලාදුරු රෝගය නිට්ටාවටම සුව කළ හැකි රෝගයක් බැවින් ඒ සඳහා අවශ්‍ය ඖෂධ රෝහල් සතුව ඇති බවත්, රෝග ලක්ෂණ ඇත්නම් ළඟම ඇති රෝහලේ චර්ම රෝග සායනය වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝග මර්ධන ඒකකය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇතැම් වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහන වඩාත් පුළුල් කිරීම හේතුවෙන් රෝගීන් සොයා ගැනීම බහුලව සිදුවන බවයි.

ශ්‍රී ලංකාවේ ලාදුරු ඉතිහාසය

ලෝකයේ හඳුනාගත් පැරණිතම බෝවන රෝගය ලෙස සැළකෙන්නේ ලාදුරු රෝගයයි. මෙය බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හේතුවෙන් ඇතිවන අතර එය ලෙප්රොසි නමින්හඳුන්වයි.

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රොගියකු පළමු වරට හඳුනාගෙන ඇත්තේ 1708 වර්ෂයේ දී ය. නමුත් ඊට සියවස් ගණනාවකට පෙර සිට ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරිණි.

ලාදුරු රෝග ලක්ෂණ

ලාදුරු රෝගයේ මූලික රෝග ලක්ෂණ වන්නේ නාසය අවහිරවීම, කටහඬ වෙනස්වීම, නිතර නාසයෙන් දියර ගැලීම, නාසය පටක ඉදිමීමයි

ප්‍රතිකාර නොගන්නා රෝගියකුගේ කිවිසුමකින් පිටවන ශ්‍රාවයක් සමඟ පරිසරයට එකතුවන බැක්ටීරියාව, තවත් අයකුගේ ශ්වසන පදද්ධතියට ඇතුළුවීමෙන් රෝගය ව්‍යාප්ත වෙයි.

ඉහත රෝගලක්ෂණවලට අමතරව පහත සඳහන් රෝග ලක්ෂණ දක්නට ලැබේ

  • සමෙහි ඇතිවන රතු, හෝ ලා පැහැති ලප
  • එවැනි ලප මත දැනීම, ස්පර්ශය, වේදනාව අඩුවීම
  • ලප මත කැසීමක් නොමැතිවීම
  • එම ලප මත දහඩිය හට නොගන්නා අතර රෝම දක්නට නොලැබේ
  • අත් පා හිරිවැටීම
  • ඇඟිලි වකුටුවීම
  • වළලකුරට ඉහළ පාදය පන නැති ස්වභාවය
  • මාංශ පේෂි දුර්වලවීම
  • ස්නායු ආශ්‍රිත ඝනවීම, වේදනාව සහ හිරිගතිය.
  • මෙම රෝග ලක්ෂණ අතරින් එකක් හෝ දක්නට ලැබෙන්නේ නම් ඔබ ලාදුරු ඇතිකරන බැක්ටීරියාවේ ගොදුරක් බවට පත්ව සිටිනවා විය හැකියි.
  • එබැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!