-3.5 C
New York

ගරුවරයෙක්, පාසල් දැරියන් 11කට අතවර කළ සිද්ධියේ අලුත්ම තත්වය

Published:

කුරුණෑගල, වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර පාසල් දැරියන් 11 දෙනකුට අතවර කළා යැයි සැකපිට සොයමින් සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව ‍කුරුනෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි ගුරුවරයෙකි.

මෙම ගුරුවරයා දැරියන්ට අතවර කළ බවට ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය 07 වැනි දා පැමිණිලි කර ඇති  අතර ඒ බබව පොතුහැර පොලිසියට දැනුම් දී තිබිණි.ඒ බව පොතුහැර පොලිසිය මගින් කුරුණෑගල ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන්න ද පොලිසිය ක්‍රියාත්මක වී නැත.

පොලිසිය නිසි පරපිදි ක්‍රියාත්මක නොවන්නේ ගුරුවරයා සමඟ ඇති සම්බන්ධතා හේතුවෙන් යැයි දැනගත් දෙමාපියන් පිරිසක් ඒ බව බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිට පැවසීමට ගිය විට එම දෙමාපියන්ට බැන එළවාගත් විදුහල්පතිවරයා දෙමාපියන් පැමිණ තම රාජකාරියට බාධා කළා යැයි  පැමිණිල්ලක් කර ඇත.

දරුවන්ට අතරව කර ඇතැයි ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක නොවූ පොලිසිය අතවරයට ලක්වූ දරුවන්ගේ දෙමාපියන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අතවරයට පත් වූ දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තාවීමෙන් පසු අද (13) සවස සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img