spot_img
spot_imgspot_img

සුවසැරිය ලෙඩ වෙයි

පුවත්

විදෙස්

“සුවසැරිය” ගිලන්රථ ‍සේවාව සඳහා අවශ්‍ය සේවකයන්ගේ පුරප්පාඩු නිසා එය පවත්වාගෙන යාමේ බරපතල ගැටලු ඇති වී තිබේ.

1990 හදිසි ඇමතුම ඔස්සේ සම්බන්ධ කරගත හැකි  සුවසැරිය ගිලන්රථ සේවාව සඳහා අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 1,992කි. නමුත් මේ වනවිට එහි සටින්නේ 1,390ක් පමණක් බැවින් සේවක සේවිකාවන් 602ක් පුරප්පාඩු වී ඇත. ඉන් 321 දෙනකු ම ගිලන්රථ රියදුරෝය.

මේ අතර කල්බදු ක්‍රමය යටතේ මිල දී ගන්නා ලද ගිලලන්රථ 2ක් භාවිතයට නොගෙන වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ සැපයුම්කරුගේ රථ ගාලක නවතා ඇතැයි ද වාර්තා වේ. එම ගිලන්රථ සුවසැරිය සේවාවට ගැලපෙන ආකාරයෙන් වැඩිදියුණු කිරීම කළ යුතු වුව ද එය සිදු නොකිරීම හේතුවෙන් මේ දක්වාම භාවිතයට ගත නොහැකි වී ඇතැයි සුවසැරිය පදනමේ ප්‍රකාශකයකු කීවේය.

එම ගිලන්රථ මිල දී ගෙන ඇත්ත් තාක්ෂණික කමිටුවක් පත්කර ගිලන්රථ සේවා සඳහා අවශ්‍ය පිරිවිතර ඉදිරිපත් කිරීමකින් තොරවය. මේ වනවිට එම ගිලන්රථ සම්බන්ධයෙන් තොරතුරු පවා අයාතනය සතුව නොමැති බව ද දැනගන්නට ඇත.

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස 2016 වර්ෂයේ සිට ආරම්භ වූ මෙම සුවසැරිය වැඩසටහන සඳහා කාර්ය මණ්ඩල පුහුණුව ලබාදීම පවා එවකට සුවසැරිය වැඩසටහන විපක්ෂයේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා දැඩි විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වුව ද ඉතාත් කෙටි කාලයකින් එය ජනතා ප්‍රසාදය දිනාගත් වැඩසටහනක් බවට පත්විය.

සුවසැරිය ගිලන්රථ සේවා ඈත ගම්දනව්වල ජනතාව වෙනුවෙන් කරන ලද සේවය බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!